අම්පාර, කාර්තිව් පොලිස් බල ප්රදේශයට අයත් මලියකාඩු ප්රදේශයෙන් ඉතාමත් සංවේදී පුවතක් අද වාර්තා වුණා.
ගොයම් කපන යන්ත්රයක් ට්රැක්ටර් රථයකින් ප්රවාහනය කරමින් සිටි රියැදුරෙකුට සිදු වූ දෛවෝපගත අනතුරකින් ඔහු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ අම්පාර, උදයපුර ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි පී.ඩී. චාමර චතුරංග කුමාර නමැති අයෙක්. ඔහු සිය ට්රැක්ටර් රථයෙන් ගොයම් කපන යන්ත්රය රැගෙන යමින් සිටියදී හදිසියේම ඔහුට "මී මැස්මොරය" රෝගී තත්ත්වය වැළඳී ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.

රෝගී තත්ත්වය උත්සන්න වීමත් සමඟ ඔහුට සිහිය නැති වී රියැදුරු අසුනෙන් බිමට ඇද වැටී තිබෙනවා. ඒ මොහොතේම ක්රියාත්මක වෙමින් තිබූ ට්රැක්ටර් රථයේ පසුපස රෝදය ඔහුගේ සිරුර මතින් ගමන් කිරීම නිසා රියැදුරා එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වෙනවා.
අවට සිටි පිරිස් මේ පිළිබඳව කාර්තිව් පොලිස් ස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව, පොලිස් නිලධාරීන් පැමිණ මූලික පරීක්ෂණ පවත්වා ඇති අතර කරුණු සමන්තුරේ මහේස්ත්රාත් අධිකරණයට වාර්තා කර තිබෙනවා. මෘත දේහය මේ වන විට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සමන්තුරේ මූලික රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.
උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදි කාර්තිව් පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනවා.

Post a Comment