2006 අංක 12 දරණ මුද්දර ගාස්තු විශේෂ විධිවිධාන පනත 2006 වසරේ සිට අද දක්වා සංශෝධනය කර නොමැති බැවින් එය සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම පැවසුවා.
වසර 20කට ආසන්න කාලයක් සංශෝධනය කර නොමැති මෙම පනත මෙසේ සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
ඒ අනුව, රුපියල් 1000කට රුපියල් 10ක් ලෙස පැවති මුද්දර බද්ද රුපියල් 20 දක්වා වැඩි කිරීමටයි යෝජනා කර ඇත්තේ.
මෙම සංශෝධන යෝජනාව පිළිබඳව අමාත්‍යවරයා පවසා සිටියේ අද (20) පාර්ලිමේන්තුව අමතමින්.
Post a Comment