ඉන්දියාවේ ප්‍රාන්ත රැසක ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ දිනයට ගතවූ පැය 24 ඇතුළත මරණ 7ක් වාර්තා වීමත් සමඟ නව කොවිඩ් මරණ සංඛ්‍යාව 44 දක්වා ඉහළ ගිය බව ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය.
එම මරණ සංඛ්‍යාවෙන් 4ක්ම මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී ඇති අතර, සෙසු මරණ තමිල්නාඩු, දිල්ලි සහ ගුජරාට් ප්‍රාන්තවලින් වාර්තා වූ බව ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහන් කළේය. එම කාලය ඇතුළත නව කොවිඩ් ආසාදිතයන් 276 දෙනකු විවිධ ප්‍රාන්තවලින් වාර්තා වී ඇතැයි ද, ඒ අනුව නව කොවිඩ් ආසාදනයට ගොදුරුවූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 4,302 දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
Post a Comment