මේ ඔබ දකින්නේ ශ්‍රී ලංකා යුදහමුදාවෙ කොමාන්ඩෝ රෙජිමේන්තුවෙ සේවය කර රට වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල සේපාල රත්නායක (M D S Rathnayake) අභීත රණවිරුවා විසින් තම මවට 1991.09.04 වෙනි දින ලියන ලද අවසන් ලිපියයි. මෙම ලිපිය ලියා පෑය කිහිපයකින් ඔහු තම අවසන් සුසුම් පොද තම මව්බිම වෙනුවෙන් හෙලුවෙ කොයිතරම් නිර්භීතවද යන්න, ලිපිය කියවන විට ඔබටත් දෑනේවි... මරණය අභියස නොසෑලුණු , මව්බිම වෙනුවෙන් කෑප වුණු මිතුර.. ඔබ අප හදවත්හි සදා අමරණීයයි..!
"අද 04යි
යුධ
ආදරනීය අම්මා තාත්තා වෙත,
අම්මේ මම තවම සුවෙන්. දෑනට සතියකට පෙර අපි කෑලේට අවා. ඊයෙ ලොකු කදවුරකට ගෑහුවා. උදේ 9 සිට රෑ වෙනකල් ගහල ඒක ඈල්ලුවා.හෙට තව කදවුරකට ගහනවා. අම්මේ දුක් වෙන්න එපා. සෙබලා යුද කරන්න ඕන. මම සෑහෙන්න කල්පනා කරලා තමයි මේ ගමන ආවෙ. ඉතින් අම්මේ දෙවියන්ගෙ පිහිටෙන් මම තවම පෙරමුනේ නොසෑලී ඉන්නවා. ඒ ගැන අම්මා සතුටු විය යුතුයි. මේ ලිපිය ලියන්නේ බොහොම අමාරුවෙන් කැලේ මැද ඉදලා. හෙට හෙලිකොප්ටර් එකෙන් එවන්න.
ඉතින් අම්මේ මම මැරුනත් දුක්වෙන්න එපා. මම බයේ දුවලා, හැංගිලා මෑරෙන්නේ නැහැ . ඉදිරියට ගිහින් නියම කමාන්ඩෝ සෙබලෙක් වගේ සටන් කරලා තමය් මැරුනත් මෑරෙන්නෙ. අම්මේ බයවෙන්න දුක්වෙන්න එපා.සතුටින් ඉන්න. දැන් කලුවරයි. මම නවතිනව.
අම්මා තාත්තා, නංගී ඇතුලු සියලු දෙනාට බුදු සරණයි.
පුතා
සේපාල" —
උපුටා ගැනීමකි...🌹
Post a Comment