අතිශ්‍යය වයෝවෘද්ධ කාන්තාවක්..
එම කාන්තාවගේ සැමියාවසර ගණනාවකට පෙර මිය ගොස් තිබුණා.. ඇයට දියණියන් සිව් දෙනෙක් සිටියා..
මේ අය විවාහ වී ලංකාවේ විවිධ පැතිවල ජීවත්වෙනවා.. දියණියන් ඇයට කියා සිටියේ මාස දෙක තුන තම තමන්ගේ නිවෙස්වලට පැමිණ කාලය ගත කරන ලෙසයි...
එහෙත් වයෝවෘද්ධ තත්ත්වයේ පසුවුවද ඇය මහ ගෙදර දමා යන්නට කැමැත්තක් දැක්වූයේ නැහැ...
එබැවින් දියණියෝ තම තමන්ට හැකි වේලාවට පැමිණ මවගේ සුවදුක් බැලුවා.. හැම අලුත් අවුරුද්දකටම තම මවට සාරියක්, චීත්තයක් අරගෙන දෙන්න මේ දියණියන් අමතක කළේ නැහැ...
එහෙත් ඇය මේ අලුත් ඇඳුම් ඇන්දේ නැහැ... තම අල්මාරියේ රාක්කවල මේ ඇඳුම් ගොඩගැසී ඇත..
මේ අතර ඇය හදිසියේම මියගියා... දියණියෝ තම ස්වාමි පුරුෂයන් හා දරුවන් සමග පැමිණ අවසන් කටයුතු සිදු කළා..
සත් දින දානමය පිංකමෙන් පසු දියණියෝ සිව් දෙනා තම මවගේ අල්මාරිය විවෘත කළා...
"මේ තියෙන්නේ මම අරගෙන දුන්නු චීත්ත රෙදි ටික...' එකියක් කීවා.. ඒ අනුව ඇය එම චීත්ත ටික තම ගමන් මල්ලට දමා ගත්තා..
"ආ... මේ තියෙන්නේ මම අරගෙන දුන්නු සාරි ටික තව එකියක් කීවා.." ඒ අනුව ඇය ද එම සාරි ටික තම ගමන් මල්ලට දමා ගත්තා..
ඒ ආකාරයෙන් දියණියෝ සිව් දෙනා තම මවට තෑගි කළ රෙදි ටික බෙදා ගත්තා..
ගෙදර තියෙන අනෙක් බඩු මුට්ටු පස්සෙ වෙලාවක බෙදා ගනිමු කියමින් නිවසෙහි දොරගුළු දමා දියණියෝ නිවසින් පිට වුණා..
මේ දුටු අසල්වාසීහු "අනේ අපොයි මෙහෙමත් ළමයි.." කියා කම්මුල්වලට අත තියා ගෙන කියන්නට වුණා..
Post a Comment