උණ සෙම්ප්රතිෂ්යාව කැස්ස ඇති දරුවන් පාසල් සහ පෙර පාසල් යැවීමෙන් වළකින්නැයි කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඔහු පෙන්වාදෙන්නේ, ඩෙංගු, චිකන්ගුන්යා හෝ ඉන්ෆ්ලූවන්සා ආසාදිත දරුවන් ශාරීරිකව සිදු කරන ක්‍රියාකාරකම් වල නිරත වුවහොත්, හෘදය වස්තුවට හානිවී (myocarditis) වැනි තත්වයන් ඇතිවී ජීවිත අවදානමක් පවා ඇති විය හැකි බවයි.
ඩෙංගු හෝ චිකන්ගුන්යා ලෙස සැක සහිත අවස්ථාවන්වලදී දරුවන්ට මදුරු දැල් භාවිතා කරමින් අනෙක් අයට ව්‍යාප්ත වීම අවම කරගත හැකි බවද වෛද්‍යවරයා සඳහන් කළා.
එමෙන්ම, මෙම රෝගී තත්වයන්ට පීඩා විඳින දරුවන්ට ස්වභාවික දියර ආහාර ලබාදීම වැදගත් වන අතර, ඩෙංගු රෝගීන්ට රතු සහ කළු පැහැති ආහාර ලබාදීමෙන් වලකිය යුතු බවද වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
ඩෙංගු රෝගය තිබෙද්දි වෙහෙස වී කටයුතු කළහොත් විවිධ සංකුලතා ඇති වි ජිවිත පවා හානි විය හැකි බවත් වෛද්‍යවරයා අවධාරණය කළා.
පාචනය රෝගී දරුවන්ද වැඩි වශයෙන් වාර්තා වන බවත් එවැනි දරුවන්ට බැදී හාල් කැඳ ලුණු කැඳ කෙසෙල් වැනි දේවල් ලබා දීම වැදගත් බවත් පාචන රෝගීන්ට තෙල් සහිත බටර් චීස් දීමෙන් වලකින්නැයි ඔහු ඉල්ලීමක් කළා.
සෞඛ්‍ය අංශ පවසන්නේ බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇති බවයි.
මේ අතර රට පුරා පැතිර යන නව කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් දැනට දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා.
Post a Comment