හිටපු රාජ්‍ය අමාත්‍ය දුනේශ් ගන්කන්ද මහතාගේ බිරිඳ වන කුෂානි නානයක්කාර මහත්මිය කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ විසින් ඇයට එරෙහිව කොළඹ අංක 09 දරණ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කල නඩුවකට අදාලවයි.
2020 වසරේදී නඩු අංක 495/08/20 යටතේ මෙම නඩවු ගොනු කරනුයේ මෙම ව්‍යාපාරික කාන්තාව විසින් වසර ගණනාවක් තිස්සේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 7000කට අධික මුදලක් ආදායම් බදු ලෙස ගෙවිම පැහැර හැරිම සම්බන්ධයෙන්.
ඇය Green lanka travels, Green seed lanka, Green sri lanaka shipping යන ආයතනවල අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කරමින් ඇය විසින් උපයාගත් ආදායම්වලට ආදායම් බඳු ගෙවිම පැහැර හැර තිබෙනවා.
වසර ගණනාවක් තිස්සේ ආදයම් බදු දෙපාර්තමේන්තුවට නෙගෙවා පැහැර හරින ලද බදු මුදල් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවදී ඇයට දැනුම්දිම් ගණනාවක් සිදු කර තිබුණා.
කෙසේවෙතත් එම දැනුම්දිම් ඇය විසින් නොසලකා හරිමින් ඇති පසු බිමික් යටතේ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම ව්‍යාපාරික කාන්තාවට තොළඹ අංක09 මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත්තේ.
මෙම අධිකරණ ක්‍රියාමාර්ග අනුව ඇයට කොළඹ මහාධිකරණය විසින් සිතාසි තුනක්ද නිකුත් කර තිබෙනවා.
මෙලෙස කුෂානි මහත්මිය විසින් දිගින් දිගටම අධිකරණය මගහැරිම හේතුවෙන් ඇයව වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විවෘත වරෙන්තු නිකුත් කරනු ලැබුවා.
මෙහි පුදුමටය කරුණ වන්නේ විවෘත වරෙන්තුවක් පවා නිකුත් කර තිබියදී අවස්ථා හතරකදී කුෂානි මහත්මිය විදෙස් ගතව තිබිමයි
මෙම විවෘත වරෙන්තුව හමුවේද කුෂානි මහත්මිය අත්අඩංගුවට ගැනිම පොලිසිය දිගින් දිගට ප්‍රමාද කරන හෙයින් මහේස්ත්‍රාත්වරයා වෙත ඇයව වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට සෘජු නියෝගයක් නිකුත් කර තිබුණා.
ඒ අනුව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත විරසුරිය මහතා විසින් ඇයව අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ මධ්‍ය අපරාධ විමර්ශන ඒකකයට උපදෙස් ලබ දී තිබෙනවා.
එම නියෝගය සමඟ මධ්‍ය අපරාධ විමර්ශන ඒකකයේ අධ්යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාගේ උපදෙස් පරිදි ඇයව අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුම දියත් කර තිබෙනවා.
Post a Comment