සමහරවිට මේ කියන ශාකය ඔබේ ගෙදර අවටත් ඇති.. ඒත් ඒ ශාකය මේ තරම් ගුණදායකයි කියලා ඔබ දැනුවත් නැති..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඔබ නොදත් කතාවක් වෙන්න පුළුවන්.. වගා කිරීමකින් තොරව ඉබේම වැවෙන ශාකයක් වන ජපන් බටු, සිංගප්පුරු කොළ,වැල් මුරුංගා,ආඬි කොළ,රට බිලිං ආදි වශයෙන් හඳුන්වනු ලබනවා..
ඒ විතරක් නෙවෙයි, Sweet leaf bush, Multi green ,Katuk multi vitamin
ආදි වශයෙන් විදේශීයව හඳුන්වනු ලබනවා... ලංකාවට හදුන්වා දී ඇති ජපන් බටු ශාකය,ඉන්දියාව,චීනය,බංග්ලාදේශය, වියට්නාමය, සිංගප්පූරුව, ජපානය ආදී විදේශීය රටවල බහුලව දැකිය හැකියි...
ජපන් බටු 2 – 3 m දක්වා උසට වැඩෙන කුඩා පඳුරු ශාකයක්.. පත්‍ර 5 – 6 cm පමණ දිගින් යුතුව වැඩෙන මෙහි සුදු පැහැති ලක්ෂණයක් පත්‍ර මධ්‍යයේ පිහිටන අතර සුදු පැහැති බව නොපිහිටන අවස්ථාවනුත් ගස් මෝරන විට සුදු පැහැති ලක්ෂණ නොපිහිටන අයුරුත් හමුවෙනවා..
ද්විලිංගික මල් රතු පැහැයෙන් හටගන්නා අතර සුදු ලා රෝස පැහැයෙන් ගෙඩි හටගන්නවා... ගෙඩිතුල බීජ කිහිපයක් පිහිටන අතර ඒ බීජ මගින් ශාක ව්‍යාප්තිය සිදුවෙනවා... ජපන් බටු ශාකය Phyllanthaceae කුලයේ ශාකයක්...
ආයුර්වේදයේදී සිංගප්පුරු කොළ ශිත කාලයේ ඇති වන උණ (Winter flu) සුවය සඳහාත්, මුත්‍රා ආබාධ සුව කිරීමටත්, දියවැඩියාව සහ කල් පවතින තුවාල සුවයටත් යොදාගෙන තිබෙනවා..
සිංගප්පුරු ගහේ කොළ පමණක් නොවෙයි ගෙඩි, මල් සහ ඇටත් මේ සඳහා යොදා ගන්නා බව සඳහන් වෙනවා...
අවට පරිසරයෙන්ම සොයාගන්නට පුළුවන් පෝෂ්‍ය පදාර්ථයන් රාශියක් ඇති පළාකොල වර්ගයක් ලෙසට ජපන් බටු හෙවත් සිංගප්පූරු කොළ සඳහන් වෙනවා..
කලවම් පලා මැල්ලුම් සදහා ජපන් බටු කොළ ගැමියන් භාවිතා කර ඇති අතර ජපන් බටු ගෙඩි ද ආහාරයට යොදා ගැනීමට හැකියි.. මේ කොළවල පෝෂණ ගුණය විකිපිඩියාවේ මෙසෙ දක්වා තිබෙනවා...
- Nutritional value per 100g (3.5 oz)
- ශක්තිය 245 kj (59 kcal)
- වතුර 91.4g
- කාබෝහයිඩ්රේට් (11g)
- මේදය (1g)
- ප්‍රෝටීන් (4.8g)
- විටමින් A, B, C, K, Thiamine (0.1mg)
- පොස්පරස් (98mg)
- යකඩ (3mg)
- කැල්සියම් (204mg)
මෙම පළා වර්ගය කෑමට ගැනීම ඇස් පෙනීම වර්ධනය කිරීමට සමත්වන අතර කිරි මව්වරුන්ට කිරි නිපදවීම වැඩිකරන බව පරීක්ෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා...
එහි ඇති අධික කැල්සියම් ප්‍රමාණය නිසා ආර්තවය නතර වුණු කාන්තාවන්ට Osteoporosis රෝගය වළක්වා ගැනීමටත්, අධික යකඩ සංයුතිය නිසා ආර්තවයේදී අධික රුධිරය වහනය වන කාන්තාවන්ගේ නිරක්තිය හෙවත් Anaemia වළක්වා ගැනීමටත් උපකාරී වන බව නවීන විද්‍යා පර්යේෂකයෝ අද වන විට පවසනවා..
ජපන් බටු කොළ මැල්ලුමට ගන්නවා වගේම දලු හා ගෙඩි දෙකම කරවල හො හාල් මැස්සන් සමග තෙල් දාන්නත් පුළුවන්..
Post a Comment