බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුදු මාවතේ පවත්වාගෙන යන රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් ආශ්රිත හදසි පරීක්ෂාවක් කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කළා.
මෙහිදී පරිභෝජනයට නුසුදුසු සහ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලින් තොරව ආහාර සැකසූ අලෙවිසැල් 6කට එරෙහිව නීතිමය පියවර ගනු ලැබුවා.
බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුදු මාවතේ පවත්වාගෙන අලෙවිසැල් ආශ්රිත හදිසි පරීක්ෂණය බම්බලපිටියේ සිට වැල්ලවත්ත දක්වා මුහුදු මාවතේ මෙම රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් දිනපතා රාත්‍රී 7 සිට මධ්‍යම රාත්‍රිය තෙක් විවෘත කර තැබෙනවා.
කොළඹ මහ නගර සභාවේ දිසා අංක 5 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විසින් මෙම රාත්‍රී වීදි ආහාර පාන අලෙවිසැල් පරීක්ෂාවට ලක් කළා.
එම අලෙවිසැල්වල මස් මාංශ ගබඩා කර ඇති අධි ශීතකරණවල පිරිසිදුභාවය සහ නිසි සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකර ආහාර පිළියෙල කරන ස්ථාන කිහිපයක්ද මෙහිදී නිලධාරීන්ට නිරීක්ෂණය වුණා.
මිනිස් පරිභෝජනයට නුසුදුසු අයුරින් ආහාර පිළියෙල කෙරෙන එම අලෙවිසැල් හිමිකරුවන්ට නීතිමය පියවර ගැනීමටත් සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා.
ඒ අනුව නඩු කටයුතු 6ක් අවවාද කිරීම් 5ක් සහ නිවේදන 3ක් නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත් අතර මීට අදාළ පරීක්ෂණ වාර්තා මාලිගාකන්ද අධිකරණයට යොමු කිරීමටද නියමිතයි.
Post a Comment