ඔබේ ගෙවත්තේ ශාකවලින් හගවන භාෂාව දැනගන්න 🌿
💧 වැඩිපුර ජලය අවශ්‍යයිලු...
සංඥාව: 👉 කොළ මැලවී, දුර්වල ලෙස හෝ මැකී ගොස් ඇති බව පෙනේ.
ප්‍රතිකාරය.: ⚠️️ ජලය දැමීමේ වාර ගණන වැඩි කරන්න. පසෙහි තෙතමනය නිතිපතා පරීක්ෂා කරන්න.
🌤️ සෙවන අවශ්‍යලු....
සංඥාව: 👉 පත්‍ර කෙළවර පිළිස්සී ඇති බව දිස්වේ. සාමාන්‍යයෙන් දුඹුරු හෝ කළු පැහැයට හැරේ.
ප්‍රතිකාරය : ⚠️️ ශාකය වක්‍ර ආලෝකය සහිත ස්ථානයකට ගෙන යන්න හෝ සෙවනක් සපයන්න.
☀️ හිරු එළිය අවශ්‍යලු...
සංඥාව: 👉 සජීවී බවක් නොමැති සුදුමැලි බවක් කහ-කොළ වර්ණයක්..
ප්‍රතිකාරය : ⚠️️ඔබේ ශාකය වඩාත් සෘජු හෝ මද හිරු එළිය සහිත දීප්තිමත් ස්ථානයක තබන්න.
🚱 අඩු ජලය අවශ්‍යලු..
සංඥාව: 👉 කහ පැහැති කොළ, බොහෝ විට හෝ ශාඛයේ මුල සිට ආරම්භ වේ.
ප්‍රතිකාරය : ⚠️️ ජලය දැමීම යුතු අතර පස වියළීමට ඉඩ දී නිසි ජලාපවහනයක් සපයන්න
🍄 දිලීර ආසාධිතලු....
සංඥාව: 👉 කොළ මත රවුම් කහ හෝ දුඹුරු පැහැ ලප ඇතිවේ.
ප්‍රතිකාරය : ⚠️️ බලපෑමට ලක් වූ ප්‍රදේශ කප්පාදු කරන්න( erumidew ), වායු සංසරණය වැඩි දියුණු කරන්න. එවැනි කොළ තෙත් කිරීමෙන් වළකින්න.
🐛 කෘමීන්ගේ ග්රහයක්ලු..
සංඥාව : 👉 කොළ වල සිදුරු හෝ හපන ලද කොටස් දිස්වේ.
ප්‍රතිකාරය : ⚠️️ දළඹුවන් හෝ කුරුමිණියන් වැනි පළිබෝධකයන් සඳහා ස්වාභාවික විකර්ෂක හෝ කෘමිනාශක සබන් දියර භාවිතා කරන්න.
🌱 වැඩිදුරටත් උපදෙස්:
නිරෝගී කොළ සජීවීව ඒකාකාරව වර්ණයෙන් යුතු අතර ලප හෝ හානිවලින් තොරයි. එම නිසා ඔබේ ගෙවත්තේ ශාක නිතිපතා පරීක්ෂා කිරීමෙන් කුඩා ගැටළු විශාල ගැටළු බවට පත්වීම වලක්වා ගත හැක...
පරිවර්තන සැකසුම ✍️©️ Herath Vithanage
Post a Comment