මාලබේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ අඹ කලේ ප්‍රදේශයට ආසන්නව රාත්‍රී කාලයේදී ඇණ ගැසූ ලැලි මාර්ගයේ තබා මෝටර් රථවල ටයර වල ඇනීමට සලස්වා වාහනවල පැමිණි පුද්ගලයන් කොල්ලකෑමේ කටයුත්තක් සිදුවන බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.
එම මාර්ගයේ බොහෝ ප්‍රදේශයක් රාත්‍රී කාලයේදී දැඩි අන්ධකාර තත්වයක තිබෙන බැවින් මෙලෙස මාධ්‍යම රාත්‍රීයට ආසන්න කාලයේදී මාර්ගයේ තැනින් තැන යකඩ ඇණ ගැසූ ලෑලි තැබීම මාර්ගය මධ්‍යයේ විශාල කලු ගල් තැබීම ආදී කටයුතු සිදුකර මාර්ගයේ ගමන් ගන්නා වාහන නතර වීමෙන් පසු එහි සිටින පුද්ගලයින් කොල්ල කෑම් සිදුවන බව ද ඔවුහු පවසති.
මෙම මාර්ගයේ වීදි පහන් සවිකර නොමැති වීමත් දැඩි පාලු ස්වාභාවයක් පැවතීමත් නිසාවෙන් මෙවැනි කොල්ල කෑම් බහුල වීමට ප්‍රධාන හේතුවක්ව පවතින බැවින් පොලිස් ජංගම මුර සංචාර වැඩි කිරීමට කටයුතු කල යුතු බව එම ප්‍රදේශයේ වෙළද සැල් පවත්වාගෙන යන වෙළදුන්ගෙන් මේ පිලිබදව විමසීමේදී පැවසීය.එම කොල්ලකරුවන් විවිධ අවි ආයුධ සහිතව පැමිණෙන බවත් එලෙස පැමිණ රන් භාණ්ඩ මුදල් ආදිය කොල්ලකා එම මාර්ගය දෙපස කැලෑබද ප්‍රදේශයට පලා යන බවද එම ප්‍රදේශවාසීහු පවසති.
මේ සම්බන්ධයෙන් මාලබේ - අඹතලේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත අයක් වන මුල්ලේරියාව සහ මාලබේ පොලිස් ස්ථාන වලින් විමසීමේදී එවැනි තොරතුරු ලැබී ඇති මුත් පැමිණිලි ලැබී නොමැති බව පැවසීය.
Post a Comment