මෙම වසරේ ගතවූ මාස 7 තුළ ෆේස්බුක්, වට්ස් ඇප් සම්බන්ධයෙන් පැමිණිලි 5400කට අධික සංඛ්‍යාවක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොල මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
ෆේස්බුක් හා වට්ස් ඇප් ඔස්සේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල ඉහළ යෑමක් ද දක්නට ඇතැයි ද හෙතෙම කීය.
ෆේස්බුක් හා වට්ස් ඇප් සම්බන්ධ පැමිණිලි 101 ක්ෂණික ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටියේය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
Post a Comment