කොන්දොස්තරගේ ක්‍රියාවට ස්පාඤ්ඥ ජාතික යුවළගේ ප්‍රසාදය
ශ්‍රී ලංකාව විදෙස් සංචාරකයන්ගෙන් පිරි රටට ආදායම් වැඩි වැඩියෙන් ගෙන එමින් පවතින මොහොතක, රටේ හොඳ නාමට අවංකව කටයුතු කළ කොන්දොස්තර මහතෙක් නිසා විදේශික යුවළකගේ මුවඟට සිනහව සතුට එකතු කරනු අප කැමරා කාචයේ සටහන් කර ගතහැකි විය.
රටේ සංචාරක කර්මාන්තයේ දියුණුවට ද අවශ්‍ය වන්නේ එවන් වූ අවංක මිනිසුන්මය. මහනුවර සිට දෙහිඅත්තකණ්ඩිය, නුවරගල දක්වා ගමන් කරන පෞද්ගලික බස්රථයක
මහියංගණය දක්වා පැමිණි ස්පාඤ්ඥ ජාතික සංචාරක යුවළකගේ රුපියල් ලක්ෂයකට වඩා වටිනා ඇපල් වර්ගයේ අත්ඔරලෝසුවක් නැතිවී ඇත.
අස්ථාන ගතවූ අත්ඔරලෝසුව පිළිබඳ විදෙස් යුවළ ඔවුන් නැවතීමට පැමිණි සොරබොර, ද හොවන් හෝටලයේ හිමිකරුට පැවසීමෙන් අනතුරුව විදෙස් යුවළ පැමිණි බස් රථයේ ටිකට් පතෙහි සඳහන් තොරතුරු අනුව එහි හිමිකරුට කථාකර විමසීමේදී, බස් රථයේ කොන්දොස්තර මහතා බස් රථය පිරිසිදු කිරීමේදී අත්ඔරලෝසුවක් අහුලා ඇති බව පවසා ඇත.
බස් රථය නැවත පැමිණෙනවිට එය මහියංගණයේදී ලබාදිය හැකි බව දන්වා ඇත. ඒ අනුව අත්ඔරලෝසුව විදෙස් යුවළට භාර දීම බස් රථයේ කොන්දොස්තරවරයා විසින් සිදු කරන ලදී.
විදෙස් යුවළ ගේ අස්ථාන ගතවු අත්ඔරලෝසුව නැවත ලැබීමෙන් ඔවුන් ඉමහත් ප්‍රීතියට පත් වූ අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන අවංක මිනිසුන් වෙනුවෙන් සිය ගෞරවාන්විත ස්තුතිය ඵල කළහ.
එලෙස අත්ඔරලෝසුව නැවත භාර දීම සිදු කරන ලද්දේ මහනුවර සිට අම්පාර, නුවරගල දක්වා ගමන් කරන ජයතිස්ස ලංකා, පෞද්ගලික බස් රථයේ චන්දන දිසානායක මහතාය. ඔහු 2/6, ගල්ලැහැවත්ත, ගල්ලියද්ද, මදමහනුවර පදිංචි වයස අවුරුදු 32ක් වන විවාහකයෙකි. ඒ මොහොතේ බස් රථයේ රියැදුරු ලෙස කටයුතු කරන ලද්දේ අජිත් රාජපක්ෂ මහතාය.
රටේ හොඳ නාමය ජාත්‍යන්තරයට රැගෙන යන මෙවන් වූ අවංක මිනිසුන්ගේ ක්‍රියාකාරකම් රටට ගෙන එන්නේ මහත් ගෞරවයකි. එවන් වු මිනිසුන් ඇඟයිම ද අපගේ වගකීමකි.
මහියංගණ – රංජිත් කරුණාවීර
Post a Comment