ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම අද (25) සිදුකර තිබෙනවා.
අද පෙරවරු 6.05 ට යෙදුණු සුබ මොහොතින් ඇසළ පෙරහැර සඳහා කප් සිටුවීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.
ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර ලබන 30 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, අවසන් කුඹල් පෙරහැර අගෝස්තු 03 දින පැවැත්වීමට නියමිතව තිබෙනවා.
අනතුරුව පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු 04 දින ද, අවසන් මහා පෙරහැර අගෝස්තු 08 දින ද වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ
Post a Comment