කාන්තාවන්ගේ අත්බෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමක් සම්බන්ධයෙන් කරුණයන් දෙදෙනෙකු පිළියන්දල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු මීට මාස 2කට පමණ ඉහතදී ඔස්ට්‍රේලියාවේ සිට නිවාඩුවට මෙරටට පැමිණි අයෙකු වන අතර, අනෙක් තරුණයා පානදුර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ පුත්‍රයෙකු බව සඳහන්.
ඔවුන් දෙදෙනා කොල්ලකන ලද ජංගම දුරකථන අතර, නවීන පන්නයේ ජංගම දුරකථන 5ක්, ස්මාර්ට් ජංගම දුරකථන 15කට ආසන්න ප්‍රමාණයක් තිබී සොයාගෙන ඇත.
පොලිසිය සඳහන් කළේ මෙම ජංගම දුරකථන වල වටිනකම රුපියල් ලක්ෂ 25කට ආසන්න බවය.
තවද කොල්ලකෑම සඳහා යොදා ගත් ව්‍යාජ අංක තහඩු සවි කළ යතුරු පැදියක්, මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ පළඳින ආරක්ෂක හිස් වැසුම් දෙකක්, හොරයින් මත්කුඩු මිලිගෑම් 10,900ක්, කාන්තා අබෑගයක් සහ කරමක එල්ලාගෙන යන බෑග් දෙකක්ද පොලිසිය සිය භාරයට ගෙන තිබේ.
මෙම සැකකරුවන් දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබිබැහි වුවන් වන අතර, ඔවුන් දිනකට මත්කුඩු පැකට් 20ක් පමණ පානය කරන බව ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
පිළියන්දල පොලිසිය සිදු කළ විශේෂ පරීක්ෂා කිරීමක් අතරතුර දී අහඹු ලෙස මෙම දෙදෙනා අත්අඩංගුවට පත්ව තිබේ.
ඔවුන් දෙදෙනා පිළියන්දල දෙස සිට කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී, බෝකුන්දර ප්‍රදේශයේදී පොලිසිය විසින් නැවතීමට සංඥා කර ඇත.
එහිදී ඔවුන් නොනවත්වා ධාවනය කර ඇති අතර, ඒ හේතුවෙන් පොලීසිය පසුපස හඹා ගොස් මහ හරස් කර නවතා පරීක්ෂා කර තිබේ.
එහිදී යතුරු පැදියේ ඉදිරිපස සහ පසුපස එකි නෙකට වෙනස් අංක තහඩු දෙකක් සවිකර තිබූ අයුරු නිරීක්ෂණය වී ඇත.
එමෙන්ම ඔවුන් සන්තකයේ හෙරොයින් මත්කුඩු හමුවීමෙන් අනතුරුව, පොලිසියට රැගෙන දීර්ඝ ප්‍රශ්න කිරීමේදී හෙළ වී ඇත්තේ ඔවුන් ඉකුත් මාස දෙකක පමණ කාලයක සිට මෙම සොරකම් වල නිතර වී සිටි බවය.
බොරලැස්ගමුව, මිරිහාන, බොරැල්ල, අතුරුගිරිය, තලංගම හා පිළියන්දල පොලිස් වසම් වල රැකියා නිමවා නිවෙස් කරා රාත්‍රී කාලයේ යන කාන්තාවන්ගේ අබෑග සහ ජංගම දුරකථන කොල්ලකෑමේ යේදී ඇති බව ප්‍රශ්න කිරීම් වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.
Post a Comment