වැඩිහිටියන් විසින් සිදුකරන කොනිත්තීම්, පහරදීම් ඇතුළු ශරිරයට තුවාලයක් සිදු කිරීමේ අරමුණින් කරන ශාරීරික දඬුවම් නිසා දරුවන්ගේ මොළයේ වර්ධනයේ අඩුවක් සිදුවන බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය සිදුකළ පර් ය්ෂණයකින් සොයා ගෙන තිබේ.
ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමයේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය කමිටුව සඳහන් කළේ කාලයක් තිස්සේ වැඩිහිටියන් විසින් සිදුකරනු ලබන ශාරීරික දඬුවම් හේතුවෙන් දරුවන්ට මෙම ඉරණම අත්වන බවය.
අවුරුදු දහඅටත් විසිපහත් අතර වයස් කාණ්ඩයේ තරුණ වැඩිහිටියන් 1455ක් ආශ්රයෙන් සිදුකළ සමීක්ෂණයකදී අවුරුදු තුනක පමණ කාලයක් ශාරීරික දඬුවම්වලට ලක්වූ පුද්ගලයන් 23 ක් සොයගත් බවත් ඔවුන්ගේ මොළයේ වර්ධනයේ අඩුවක් දක්නට ලැබුණු බවත් මෙම සමීක්ෂණයෙන් හෙළිවී තිබේ.
ශාරීරික දඬුවම්වලට ලක්වූ දරුවන් වැඩිහිටියන් වූ පසුවද ඔවුන්ද තමන්ගේම ළමුන්ට සහ සහකරුට හෝ සහකාරියට ඒ අකාරයටම දඬුවම් කිරීමට පෙලඹෙන බවට මෙම සමීක්ෂණයේදී සොයාගෙන ඇත.
මෙවැනි පුද්ගලයන් සමාජ විරෝධී ක්‍රියාවල නිරත වීම, සියදිවි නසාගැනීමට පෙලඹීම, අනිසි ලෙස මත්ද්‍රව්‍ය භාවිතය, අපචාර ක්‍රියාවල නිරත වීම වැඩි වශයෙන් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අවධාරණය කරයි.
Post a Comment