රජය ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික හරය ඇත්තේ වසර 44කට පෙර එවකට අධ්‍යාපන ඇමති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ ධවල පත්‍රිකාවෙහි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
උදාහරණයක් ලෙස ධවල පත්‍රිකාවේ මව් භාෂාව, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව හා සමාජ විද්‍යාව ජාතික මට්ටමේ විභාගයකින් පරීක්ෂා කළ යුතු බවට යෝජනා කර තිබුණු බවත්, රජය ඉදිරිපත් කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල දැක්වෙන්නේද එම කරුණ බවයි අද (24) පාර්ලිමේන්තුවේ පැවති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු අලුත් දෙයක් නොවන බවද, කාලයක් තිස්සේ කරගෙන යන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යාමක් බවද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
1981 දී ඉදිරිපත් කරන ලද ධවල පත්‍රිකාවට කුමක් සිදුවූයේ ද යන්න ජනතා විමුක්ති පෙරමුණ හොඳින්ම දන්නා බවත්, ප්‍රතිසංස්කරණවලට එරෙහිව ගුරුවරුන් පාරට බැස්සවීමට කටයුතු කළ පිරිස්වලටම ප්‍රතිසංස්කරණ යෝජනා ගෙන ඒමට සිදුවීම දෛවයේ සරදමක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ
Source – එසැණ
Post a Comment