සමාජමාධ්‍ය ගෲප්වලට එක්වෙන්න අද වෙනකොට ලොකු පොඩි කවුරුත් කැමැත්තක් දක්වනවා..
ඒත් සමහරවිට ඒවා භාවිතය අවදානම්.. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් කිව්වොත් හරි..
වැඩිහිටියන් සේම තරුණ පරපුරත්, ළමා පරපුරත් මේ ගැන දැනුවත් වෙන එක වඩා වටීවි..
"ටික් ටොක්" ගෲප්වලට දරුවන් සම්බන්ධ වීම නිසා බරපතළ ගනයේ අපරාධවලට ගොදුරුවී ඇති බවත්, මේ නිසා දරුවන් ජංගම දුරකථන භාවිත කිරීමේදී එය දෙමාපියන් අධීක්ෂණය කිරීම ඉතා වැදගත්.. මේ බව පැවසුවේ මිරිහාන මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනී කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි කේශලා බෝගහවත්ත විසින්.. ටික් ටොක් සම්බන්ධයෙන් බරපතළ ගනයේ අපරාධවලට ගොදුරු වීම සම්බන්ධයෙන් දැනටමත් පැමිණිලි 20ක් ගතවූ මාස එකහමාරක කාලය තුළ ලැබී ඇති බවත් ඇය පැවසුවා..
"අන්තර්ජාලයේ ටික් ටොක් ගෲප් එක්ක දරුවන් එකතුවීමේ ප්‍රවණතාවයක් දකිනවා. මේ තුළින් දරුවන් නොදැනුවත්වම බරපතළ ගනයේ අපරාධවලට ගොදුරු වෙනවා. ටික් ටොක් ගෲප් එක්ක එකතු වීමේදී දරුවන් බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්. කවදාවත් තමන්ගේ පුද්ගලික වතගොත ඒ ටික් ටොක් ගෲප්වලට ෂෙයාර් කරන්න යන්න එපා. මේ ගෲප් සමහර දරුවන්ගේ නිරුවත් ඡායාරූප ලබාගන්නවා.
දරුවන්ගේ නිරුවත ලබාගෙන දෙමාපියන්ගෙන් කප්පම් ගැනීම් සිදුවෙනවා. තවත් අපරාධකරුවන් මේ ටික් ටොක් ගෲප් හරහා දරුවන්ගේ නිවාසවලට රිංගන තත්ත්වයක් දකිනවා. මේක ඉතා භයානක තත්ත්වයක්.
ඒ නිසා දරුවන්ට ජංගම දුරකථනය, ලැප්ටොප් පරිගණකය, ටැබ් එක ලබාදීමේදී ඒවා දරුවන් පාවිච්චි කරන ආකාරය අධීක්ෂණය කරන්න. අනික් එක දරුවන්ට තනිවම කාමරවල ඉඳගෙන පාඩම් කරන්න දෙන්න එපා. මොකද ඒ අය තනිවම ඉන්න කොට ජංගම දුරකථන හරහා ටික් ටොක් ගෲප්වලට සම්බන්ධ වෙලා බරපතළ ගනයේ අපරාධවලට ගොදුරු වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ දරුවන් ජංගම දුරකථන එක්ක මොනවද කරන්නෙ කියලා අධීක්ෂණය කරන්න."
දිවයින පුවත්පත ඇසුරෙන්..
Post a Comment