කියන්න යන්නේ නොසිතූ මොහොතක රෝහලකට ආ කාන්තාවකට අත් වූ අවාසනාවන්ත ඉරණමක් ගැනයි..
ඇය ඇත්තෙන්ම මේ වගේ දෙයක් අපේක්ෂා කරන්න නැතුව ඇති.. කොහොම වුණත් දැන් ඒ සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙලා..
උපත් පාලන ලූපයක් ඉවත් කර ගැනීම සඳහා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණි 25 හැවිරිදි මවක දූෂණය කිරීමේ චෝදනාවට වරදකරු වූ වෛද්‍යවරයෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලින්ද හේවාවසම් අද වසර 15ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළා..
ඊට අමතරව පැමිණිලිකාර කාන්තාවට රුපියල් ලක්ෂ පහළොවක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ විනිසුරුවරයා, එය පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර 03 ක සිර දඩුවමක් නියම කරන බවයි සඳහන් කළේ..
මෙලෙස දඩුවම් නියම වූයේ අනුරාධපුර තිසාවැව ප්‍රදේශයේ පදිංචි විජේකෝන් විජේරත්න නැමැති අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ රනවරාව රෝහලේ සේවය කළ 70 හැවිරිදි වෛද්‍යවරයෙකුටයි..
2020 වසරේ දී ජනවාරී මස 20 හෝ ඊට ආසන්න දිනයකදී මෙම වරද සිදුකර ඇති බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර තිබුණා..
Post a Comment