අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල සහ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන අය බදු පැහැර හැරීමක් සිදුකර ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් කොළඹ අතිරේක මහේස්ත්රාත් පසන් අමරසේන වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, ඔවුන් විසින් ගෙවිමට ඇති රුපියල් කෝටි 42කට ආසන්න ආදායම් බදු මුදල්, දඩ හා පොලී අය කරගැනීම සදහා මහාධිකරණයේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2022, 2023 වර්ෂ සඳහා, අවුරා ලංකා සමාගමේ සභාපතිවරයා මිලියන 194ක බදු මුදලක් ද, පියුමි හංසමාලි රුපියල් මිලියන 225 ක බදු මුදලක්ද ගෙවීම පැහැර හැර ඇති බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය අධිකරණයට දැනුම් දී ඇත්තේ.
Source – esana
Post a Comment