අස්වැසුම ප්රතිලාභී පවුල්වල අවුරුදු 70ට වැඩි වැඩිහිටියන්ගේ වැඩිහිටි දීමනාව අද (27) බැංකු ගිණුම් වෙත බැර කෙරෙනවා.
අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව මෙසේ ලබාදෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසන්නේ.
මෙම දීමනාව ප්රතිලාභීන් 599,730 අතරේ බෙදා හැරීමට නියමිතයි.
ඒ අනුව රුපියල් දෙබිලියන නවසිය අනූතුන් මිලියන හත්සිය අනූ එක් දහසක මුදලක් ගිණුම්ගත කෙරෙන බවයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කළේ.
Post a Comment