සර්ප දශ්ඨනයක් සදහා ප්‍රථමාධාර
1. ආරක්ෂිත ස්ථානයක රෝගියා හාන්සිකරවන අතරම රෝගියාගේ බිය දුරු කරන්න.
-බොහෝමයක් සර්පයින් විශ රහිත බව පවසන්න.
-විශ සහිත සර්පයෙකුගේ දශ්ඨනයක් සිදු වුවත් විශ ඇතුලු නොවීමටද ඉඩ ඇති බව පවසන්න.
-දශ්ඨනය සිදුවූ ස්තානයේ දළ පහර පැවතියද විශ ශරීරගත නොවිය හැකි බව පවසන්න.
-විශ ශරීරගත වූවත් රජයේ රෝහල් වල ඵලදායි ප්‍රතිකාර ක්‍රම පවතින බැවින් සම්පූර්ණ සුවයක් ලැබීමට හැකි බව පවසන්න.
2. රෝගියාගේ ජෛව ලක්ශන පරීක්ශා කරන්න. (හුස්ම ගන්නේද, නාඩි ක්‍රියාත්මක වන්නේද)
3. ඔහු හුස්ම ගන්නේ නම් නාඩි ක්‍රියාත්මක වන්නේ නම් ඇවිදීමට නොදෙන්න. රෝගියා වෙහෙස කරවීමෙන් වලකින්න.
4. දශ්ඨනය සිදුවූ ස්තානය සබන් යොදා ගලා යන ජලයෙන් සෝදන්න. මෙහිදී ඔබේ අතේ රුධිරය තවරා නොගැනීමට වගබලා ගන්න.
5. දශ්ඨනය සිදු වූ ස්ථානය ආසන්නයේ මුදු, වලලු, හිර ඇදුම් වැනි දෑ තිබේ නම් ඒවා ඉවත් කරන්න. (මෙහිදී චලනයන් අවම කරන්න)
6. අධික රුධිර ගැල්මක් ඇත්නම් පමනක් සැරහුමක් යොදන්න. නැතිනම් පිරිසිදු රෙදි කැබැල්ලකින් වසන්න. (ගැටගසන්න එපා)
7.දශ්ඨනය සිදුවූ ස්තානය චලනය නොකර හදවත මට්ටමේ තබාගන්න.
8. අධික වේදනාව්ක් පවතින්නේ නම් paracetamol ඖෂධය හැර වෙනත් කිසිදු වේදනා නාශකයක් හෝ ඖශධයක් භාවිතා නොකරන්න.
9. රෝගියා ඔසාවාගෙන ගොස් වාහනයකින් තබන්න. දශ්ඨනය සිදුවූ ස්ථානය නොසොල්වා හදවත මට්ටමේ තබාගෙන, රෝගියාගේ වෙනස්වීම් පරීක්ශා කරමින්, හැකි ඉක්මනින් ලගම ඇති රජයේ රෝහල වෙත රැගෙන යන්න.
10. හුස්ම නතර වුවහොත් හෝ මරනාසන්න ලෙස හුස්ම ගන්නේ නම් ප්‍රතිජීවනය අරඹා එය ලබාදෙමින් ඉක්මනින් ලගම ඇති රෝහල කරා රැගෙන යන්න. (Cardiac Pulmonary Resuscitation)
- මුකයේ කෙල, සෙම සිරවී ඇතිනම් ඒවා පිරිසිදු කරන්න.
-විනාඩියකට පපු තෙරපුම් 100-120 වන සේ, පපු තෙරපුම් 30කට පසු කෘතිම ශ්වසන වාර 2ක් බැගින් ලබාදෙන්න.
*කිසි විටෙක මත්පැන් ද, කෝපි වැනි caffaine අඩංගු පාන වර්ගද, තැබිලි දොඩම් පලතුරු යුශ වැනි පොටෑසියම් බහුල දෑ රෝගියාට ලබා නොදෙන්න.
*වමනය/ ශ්වසන මාර්ගය අවහිර විය හැකි තත්වයක් පවතී නම් රෝගියා වම් ඇලයට හරවා පැහැදිලි ශ්වසන මාර්ගයක් පවත්වාගන්න.
*දශ්ඨනය සිදුකල ස්ථානයට ඉහලින් ගැටගසන්න එපා. එමගින් රුධිර ගමනය ඇනහිට ගැටගැසූ තැනින් පහල කොටස මියයා හැක.
*දශ්ඨ කල සර්පයා මරන්න එපා. මරන ලද සර්පයෙකු වුවත් අතින් අල්ලන්න එපා.
විශේෂයි- සර්පයා සෙවීමට කාලය ගත නොකරන්න. රෝග ලක්ශන අනුව රජයේ රෝහල් වල ප්‍රතිකාර ලබාදෙනු ලැබේ. ජෛව විවිධත්වය සුරකින්න.
*අතීතයෙ ලංකාවේ හොඳ වෙදකම් ක්‍රම තියෙන්න ඇති, ඒ ගැන වාදයක් නෑ, ඒවා දැන් වෙනස් වෙලා. වර්තමානයේ සර්ප දෂ්ඨණයකට හොඳම සහ විශ්වාසවන්තම පිළියම තමයි ළඟම රජයේ රෝහලට ඇතුලත් කරන එක, මොකද ලංකාවෙ ගොඩබිම උග්‍රවිෂ සර්පයින් 5 දෙනාටම සහ මද විශ, සුලු විශ සර්පයින් සියලුම දෙනාට රජයේ රෝහල්වල ප්‍රතිවිෂ තියෙනවා ඒ වගේම ඉස්සර සර්ප දෂ්ඨණ නිසා මියයන ප්‍රමාණයට වඩා ලොකු අඩුවීමක් තියෙනව. ඒ රජයේ රෝහල්වල ප්‍රතිකාර නිසා, දේශීය හෝ ආයුර්වේද වෙදකම් හෑල්ලු කිරීමක් කරනව නෙවෙයි ජීවිතයක් බේරගන්න හොඳම ක්‍රමය ගැනයි කියන්නෙ. කිසිම සර්ප විශ සම්බන්ද දේශීය වෛද්‍යවරයෙක් කියන්නෙ නෑ තමන් ඒ වෘත්තිය ට නිපුන නෑ කියල. ඒකයි එක එක තැන් වලට ගිහින් කාලය නාස්ති නොකර රජයේ රෝහලකටම ඉක්මනින් යන්න කියන්නෙ...
*සර්පයෙක් ගෙවත්තෙ හිටිය කියල එයා අපිව හොයන් ඇවිත් දශ්ඨනයක් සිදු කරන්නෙ නෑ. ලංකාවේ සිටින සර්පයින් ඉතා විශාල ප්රමානයකින් ඉතාමත්ම සුලු ප්‍රමානයක් විතරයි විශ තත්වයක් දක්වන්නේ. එයිනුත් විශේෂ 5ක් පමනයි උග්‍ර විශ වන්නේ. ඒ ඒ සර්පයින්ගෙ හැසිරීම් රටාව වෙනස්. අපි එයාට කරදරයක් කරන්න යනව කියල තේරුනොත් තමයි දශ්ඨනයක් සිදුකරන්නේ.
නොදැනුවත්වම පෑගුනොත් දශ්ඨනයක් සිදුවිය හැකියි. එයාලා පරිසරයේ ශබ්ධ (කම්පන) වලට ඉතා සංවේදීයි. ඒ නිසා රාත්‍රි කාලයේ සර්පයින් සිටිය හැකි තැන් වලින් යන්න සිදු උනොත් ගමන් කරන විට ආලෝකයක් දල්වා මාර්ගය පිලිබදව ඉතා අවදානයෙන් , හොදින් කකුල් ආවරනය වූ සපත්තු දමා (හැකිනම් boot shoes) ශබ්ද ඇසෙන සේ ගමන් කලොත් මාර්ගයේ සර්පයින් සිටියොත් ඔවුන් ඉන් ඉවත්ව යාවි.
*ඒ කොහොම උනත් උග්‍ර විෂ, මද විෂ, සුලු විෂ, නිර්විෂ කුමන දශ්ඨනයක් සිදු වූවත් ඉහත ප්‍රථමාදාර ලබා දෙමින් හැකි ඉක්මනින් ලගම ඇති රජයේ රෝහල වෙත යාම සිදුකල යුතුමය.
Thanks for Thush wijerathnayake
උපුටා පළ කිරීම සහේලි රත්නායක.

Post a Comment