මහජනතාවට මුහුණපෑමට සිදු වන අපරාධ හා විවිධ ගැටලුකාරී අවස්ථා ක්ෂණිකව පොලීසිය වෙත දැනුම් දීම සඳහා වට්ස්අප් දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. ඒ, වැඩබලන පොලිස්පති නීතීඥ ප්රියන්ත වීරසූරිය මහතා විසින්.
ඒ අනුව, 071 8598 888 දරණ වට්සප් අංකයට ජනතාවට තම ගැටලු දැනුම් දිය හැකියි.
මෙමගින් පොලිස්පතිවරයා වෙත සෘජුවම කෙටි පණිවුඩ ලබාදීම, වීඩියෝ දර්ශන සහ ඡායාරූප යොමු කළ හැකියි.
නමුත්, මෙම අංකය ඔස්සේ ඇමතුම් ලබාගත නොහැකි බවයි පොලිස් මූලස්ථානය දැනුම් දෙන්නේ.
එමෙන්ම, පොලිස් නිලධාරීන්ටද මෙම අංකය ඔස්සේ තම ගැටලු හා තොරතුරු දැනුම් දීමේ හැකියාව පවතිනවා.
Post a Comment