1989 දී නාසා ආයතනය විසින් අධ්‍යයනයක් සිදුකරළා තිබෙනවා කුමන ශාඛයද වැඩියෙන්ම වාතය පිරිසිදු කරන්නේ කියලා දැන ගැනීමට. මෙම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා, බෙන්සීන්, ඇමෝනියා වැනි විශ රසායනයන් බොහොමයක් ගෘහස්ථ වාතය තුළ ඇතුලත් බව. එසේම නාසා ආයතනය සොයාගෙන තිබෙනවා ගෘහස්ථ පැළෑටි මගින් ඒ තත්වය පිරිසිදු කරගන්න පුලුවන් කියලා. එම සමහර ශාඛ මගින් වාතයේ තිබෙන විශ රසායනයන් 80%ක් පමණ උරාගන්නවා. ඒ ආකාරයට එම ශාඛ ගෘහස්ථව වැවීමෙන් ඔබට පුලුවන් ඔබ සිටින වටපිටාවේ ඇති වාතය පිරිසිඳු කරවා ගැනීමට. මේ සදහා අපි අද ඔයාලට අරගෙන එන්නේ ඔක්සිජන් කර්මන්තශාලා වැනි, ඔබේ නිවස තුළ තිබිය යුතු ශාඛ වර්ග කිහිපයක් පිලිබඳවයි.
පරීක්ෂණ වලින් සොයා ගත්, ඔබේ සෞඛ්‍යයට හානි කරන ගෘහස්ථ වාතය දූෂණය කරන විශ රසායන කිහිපයක්.
ෆෝමල්ඩිහයිඩ් : මෙම විශ රසායනය වැඩිපුරම හමුවන්නේ, ගෘහස්ථ ලී බඩු වල, කාපට් වල, ප්ලාස්ටික් මේස රෙදි වල හා සිගරට් දුම් වැනි දේවල් තුළය. මෙම විශ රසායනය මගින් ආසාත්මිකතා, මියුකස් පටලයේ රෝග තත්වයන්,ඇදුම හා නොයෙකුත් සමේ රෝග වැළඳිය හැකිය.
ට්රයික්ලෝරතලීන් : මේවා වැඩිපුරම ඇත්තේ, මුද්‍රණ තීන්ත වල, ලැකර්, තීන්ත වර්ග, කාපට් හා රෙදි ක්ලීන් කරන කෙමිකල් වල සහ ක්ලෝරීන් දැමූ ජලය තුළය. මෙම විශ රසායනය පිලිකා කාරකයක් ලෙස හදුනාගෙන ඇත. මෙම විශ රසායනය මගින් ඇසේ සහ සමේ ආසාත්මිකතා ඇතිකිරීම, අක්මාවට සහ වකුගඩු වලට හානි සිදුකිරීම හා මානසික රෝග වලටද හේතු වෙනවා.
බෙන්සීන් : මෙය වැඩිපුරම ඇත්තේ තීන්ත, ලකර්, වාර්නිශ් පිරිසිදු කරන උපකරණ , දියර සබන්, රබර් හා සිගරට් දුම් වැනි ඒවා තුළය. මෙම පීලිකා කාරකය මගින් මේද පටල වලට බලපෑම් කරමින් ලියුකේමියා තත්වය ඇතිකරනවා. එසේම තවත් ශ්වසන රෝග හා වලිප්පුව වැනි තත්වයන්ද ඇතිකරනවා. එසේම මෙමගින් රුධිර පීඩනයත් අඩු කරනවා.
ඇමෝනියා : මෙය වැඩිපුරම ඇත්තේ පර්ඝනක කොටස් වල, සිගරට් දුම තුළ හා ගෘහස්ථ පිරිසිදුකාරක තුළය ඇමෝනියා මගින් උගුරේ තුවාල සැදී, උගුර වියලීම සහ කැස්ස ඇතිවීම, පපුවේ වේදනා ඇතිවීම සහ ගලනාලය සහ පෙණහළු ඉදිමීම සිදුවිය හැකිය.
ක්ෂයිලීන් : ක්ෂයිලීන් බොහෝ විට භාවිතා කරන්නේ ප්ලාස්ටික්, තීන්ත, ලැකර් හා ගම් සැදීමටයි. වාහන වලින් පිටකරන දුම් තුළද මේවා බෙහෙවින් අඩංගු වෙනවා. එසේම සම් නිෂ්පාදන හා සිගරට් දුම් තුළද මෙය අඩංගු වෙනවා, මෙමගින් සමේ සහ ඇස්වල ආසාත්මිකතා ඇතිකිරීම සහ ශ්වසන පද්ධතියේ ගැටළු ද ඇතිකරනවා.
ඇන්තූරියම් මගින් වාතයේ තෙතමනය රදවා ගන්නවා.එසේම ජල වාශ්ප ද මුදාහරිනවා. ඇන්තූරියම් මගින් ක්ෂයිලීන් සහ ටොලුයීන් උරා ගෙන ඒවා හානියක් නොවන දේවල් බවට පත්කරනවා.
මෙම දීප්තිමත් මල් හටගන්නා බාර්බන්ඩේසියා මගින් බෙන්සීන්, ෆෝමල්ඩීහයිඩ් හා ට්රයික්ලොරතලීන් වාතයෙන් ඉවත් කරනවා. මෙම බාර්බන්ඩේසියා ශාඛය උණුසුම් හා ආලෝකය වැටෙන තැනකින් තබන්න.
ගෙයක් ඇතුළේ වැවීම සදහා මෙය ඉතා කදිම ශාඛයකි. මෙමගින් වාතයේ ඇති බෙන්සීන් හා ෆෝමල්ඩීහයිඩ් ඉවත් කරනවා. කෙසේ වෙතත් මතක තබා ගන්න මෙම ශාඛය විශ ශාඛයකි එබැවින් කුඩා ළමුන්ගෙන් හා සතුන්ගෙන් ඈත්ව තබන්න.
මෙම පැලෑටි වැඩීම සදහා ආලෝකය ගොඩක් අවශ්‍යය වන්නේ නැත. එයට වාතයේ තෙතමනය අවශ්‍යයවේ. මෙමගින් වාතයේ ඇති බෙන්සීන් හා ෆෝමල්ඩීහයිඩ් ඉවත් කරනවා.
මකුළු ශාකය, සශ්‍රීක ශාක පත්‍ර හා කුඩා සුදු මල් සහිතයි. ගෘහස්ථ ශාකයක් සඳහා ඉතා ජනප්‍රිය තේරීමකි. මෙහි අලංකාරයට අමතරව බෙන්සීන්, ෆෝමල්ඩිහයිඩ්, බෙන්සීන්, කාර්බන් මොනොක්සයිඩ් හා ක්ෂයිලීන් වැනි ගෘහස්ථ විශ ඉවත්න්කිරීම සිදු කරනවා. මෙම ශාඛයේ කිසිදු විසක් අඩංගු නොවන නිසා කුඩා ළමුන් සිටින නිවසක වුවත් භාවිතා කළ හැකිය.
මෙය අඩ අඳුරු ස්ථානයකට වඩා යෝග්‍ය අඩු ආලෝකයේ පවා හොඳින් වර්ධනය වෙන පැලෑටියකි. මෙය බෙන්සීන්, කාබන්මොනොක්සයිඩ්, ෆෝමැල්ඩිහයිඩ්, ට්රයික්ලෝරොඑතිලීන් යන විෂ වායුන් උරාගනී. එමෙන්ම මෙය අසාත්මිකතා ඇති කරන දේද උරාගනී.
Post a Comment