පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදී ඇත.
අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා ඇප ලබාදීමට විරුද්ධ වූ නමුත් ලැබුණ වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගෙන මෙම නිර්දේශය කර තිබේ.
කෙසේ වෙතත් නඩු විභාගය වෙනුවෙන් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ සහභාගීවිය යුතුව තිබේ.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
රනිල් වික්‍රමසිංහ මහතා හෘදයේ ධමනි 2/4 ක් අවහිරවී ඇති බවත් අනෙක් ධමනි දෙකද අවහිර සියයට 80 හා 40 ක ප්‍රතිශත ඉහළ මට්ටමක පවතින අතිශය දුර්වල මට්ටමක ඇති බවත් නිරන්තර අවධානය අවශ්‍ය බවත් මේ නිසා මේ තත්වයන් සලකා ඇප ලබාදෙන ලෙස නීතීඥ අනුජ ප්‍රේමරත්න ඉල්ලා තිබෙන අතර ඔහුගේ දුර්වල තත්වයන් ගැන විශාල වශයෙන් කරුණු සඳහන් වෛද්‍ය වාර්තාද මෙහිදී අධිකරයට ඉදිරිපත් කර තිබෙයි.
සම්පූර්ණ සිරුර එම්ආර්අයි පරීක්ෂණයකට ලක්කර එම වාර්තා අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර හෘදයේ පටක මියයමින් පවතින බවට භයානක තත්වයක් මතුකර ඇත.
බිරිය මෛත්‍රීගේ පිළිකා තත්වයද සලකා ඇප ලබාදෙන ලෙස ඉල්ලා තිබේ.
කෙසේ වෙතත් නඩු කටයුතු අවසන් වන තෙක් ඇප ලබානොදෙන ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් දන්වා ඇත.
පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නිලුපුලී ලංකාපුර ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
නඩුකරයේ කැඳවූ අවස්ථාවේදී අද (26) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටියේය.
සැකකාර රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් තිලක් මාරපන, අනූජ ප්‍රේමරත්න යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව විරුද්ධත්වය දක්වා තිබේ.
මේ අතර ආරාධනා පත්‍රයේ නීතියානුකූලත්වය මෙතෙක් තහවුරු කරගෙන නොමැති බවද අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේය
ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධව ජනාධිපති ලේකම් කාර්යාලයේ විගණන නිලධාරියාට විගණනය කිරීම සඳහා බලයක් නොමැති බවය.
එමෙන්ම මේ සම්බන්ධව සිදුකළ වියදම් සියල්ල ජනාධිපති වැය ශීර්ෂය බවත් ඒ සඳහා ජාතික විගණන කාර්යාලය සිදුකළ විගණනයේදී කිසිදු අවභාවිතයක් සිදුව නොමැති බවත් තොරතුරු අනාවරණය වී ඇති බවත් ඔහු අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.
2.00 pm update
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අදාළ නඩු විභාගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලූපුලී ලංකාපුර මහත්මිය ඉදිරියේ මීට සුළු මොහොතකට පෙර සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ ආරම්භ විය.
මෙම නඩුව සඳහා වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන තිලක් මාරපන, අනුජ ප්‍රේමරත්න, උපුල් ජයසූරිය සහ අලි සබ්රි යන මහත්වරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියි. නීතීඥවරු 300 ක් පමණ උසාවියට එක්ව සිටී.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා පෙනී සිටින ලදී.නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතීඥ දිලීප පීරීස් මහතාට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට පියවර ගෙන තිබෙන්නේ ඔහුට මෙම නඩුවාරයට නොඑන ලෙස පාතාල තර්ජන හේතුවෙනි.<
1.00 pm update
රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාවක් මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) පස්වරු 1.00ට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබේ. මේ හේතුවෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, අධිකරණයට පිවිසෙන සියලු දෙනා දැඩි පරීක්ෂාවකට ලක් කෙරේ.
මේ වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි බව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් දැනුම් දී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. අවශ්‍ය වුවහොත්, අධිකරණ නියෝගයක් මත ඔහුව සූම් තාක්ෂණය ඔස්සේ නඩු විභාගයට සම්බන්ධ කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේය.
මෙම සිදුවීම් මධ්‍යයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දින කොළඹ ජාතික රෝහලට පැමිණ රනිල් වික්‍රමසිංහ මහතාගේ සුවදුක් විමසා බැලීය. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා, රජය තර්ජන ගර්ජන මගින් විපක්ෂය දඩයම් කිරීමේ ක්‍රියාවලියක නිරත වන බවට චෝදනා කළේය. ප්රජාතන්ත්රවාදය සුරැකීම වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත්, මෙවැනි මර්දනකාරී ක්‍රියාවන්ට බිය නොවන බවත් ඔහු අවධාරණය කළේය.
මේ අතර, හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කිරීම සඳහා පැමිණි ආධාරකරුවන් පිරිසක් අධිකරණයට පිවිසෙන මාර්ග ආසන්නයේ විරෝධතාවල නිරත වන ආකාරයක් ද දැකගත හැකිවිය. නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබීමත් සමග දේශපාලනඥයින් ඇතුළු විවිධ පාර්ශ්ව නියෝජිතයින් අධිකරණ පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටින බවද වාර්තා වේ.
Post a Comment