අපේ ඇස් කහ පාට වෙන්නේ cancer එකක් නිසාද ❓️
අපේ රුධිරයේ බිලිරුබින් (Bilirubin) කියන්නේ රතු රුධිරාණු බිඳුණාම හැදෙන රසායනිකයක්. මේක අක්මාව(liver) හරහා බඩවැලට ගිහින් ශරීරයෙන් එළියට යනවා. මලපහ කහපාට වෙන්නේ මේ බිලිරුබින් නිසා.
ඒත් අපේ ඇගේ බිලිරුබින් එකතු උනාම ඇස්, හම, මුත්‍රා කහ පාට වෙනවා.
ඇයි අපේ ඇගේ බිලිරුබින් වැඩි වෙන්නේ?
බිලිරුබින් වැඩිවෙන්න හේතු තුනක් තියෙනවා.
Pre hepatic - අක්මාවට කලින් හේතු
Intra hepatic - අක්මාවේ හේතු නිසා
Post hepatic - අක්මාවෙන් පසු හේතු
1️⃣ Pre-hepatic හේතු
අපි හිතමු අක්මාව වතුර ටැංකියක් වගේ කියලා. ටැංකියට වතුර එන බටෙන් ඕනෑවට වඩා වතුර ගලාගෙන ආවොත්, ටැංකිය ඉක්මනින් උතුරලා යනවා. එහෙම බිලිරුබින් එකතු වෙන්නේ රතු රුධිරාණු ඕනෑවට වඩා බිඳෙනකොට.
උදාහරණ:
- මැලේරියාව වගේ රෝග නිසා රතු රුධිරාණු ඉක්මනින් බිඳෙනවා.
- තලසීමියාව වගේ රුධිර රෝග.
- සමහර ඖෂධ නිසා රතු රුධිරාණු විනාශ වෙනවා.
2️⃣ Intra-hepatic
දැන් හිතන්න ටැංකිය වෙනත් දේවල් (වැලි, මඩ) වලින් පිරිලා තියෙනවා. ඒ නිසා ටැංකියට තවත් වතුර තියාගන්න ඉඩක් නැතිව ඉක්මනින් උතුරනවා.
එහෙම අක්මාවෙ ගැටලුවක් ආවම බිලිරුබින් හරියට බැහැර කරන්න බැරිව එකතු වෙනවා.
උදාහරණ : හෙපටයිටිස් (වෛරස් හෝ මත්පැන් නිසා අක්මාව ඇතිවෙන අක්මා ප්‍රදාහය). සිරෝසිස්, Gilbert’s syndrome වගේ ජානමය ගැටලු.
3️⃣ Post-hepatic
හිතන්න ටැංකියෙන් වතුර එළියට යන බටේ block වෙලා. ඒත් ටැංකිය පිරෙන එක නතර වෙන්නේ නෑ. එතකොට ටැංකිය උතුරලා යනවා.
එහෙම අක්මාවෙන් බිලිරුබින් බඩවැලට යන මාර්ගයේ බාධාවක් ආවම බිලිරුබින් එකතු වෙනවා.
උදාහරණ
- පිත්තාශයේ ගල් (gallstones).
- පිත්ත නාලවල පිළිකා හෝ ආසාදන.
- අග්න්‍යාශයේ ගැටලු (පිළිකා හෝ ආසාදන).
⚠️ඔබේ ඇස්, හම, හෝ මුත්‍රා කහ පාට උනාම, බඩේ අමාරුව, හිසරදය, හෝ තෙහෙට්ටුව තියෙනවා නම්, වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න. රුධිර පරීක්ෂණයකින් (LFT) බිලිරුබින් මට්ටම බලලා, හේතුව හොයලා ප්‍රතිකාර ගන්න පුළුවන්.
⛑️බිලිරුබින් වැඩිවීම බරපතල රෝගයක ලක්ෂණයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා, ඔබේ ශරීරයේ වෙනස්කම් ගැන හිතලා බලලා, කහ පාටක් දැක්කොත් වහාම වෛද්‍ය උපදෙස් ගන්න.
ස්තුතිය වෛද්‍ය ගයාන් සෙනෙවිරත්න.
උපුටා පළ කිරීම සහේලි රත්නායක.

Post a Comment