ඇත්තටම විටමින් E අපේ ඇඟට හොඳයිද? 💊🤔 වැඩිපුර ගත්තොත් මොකද වෙන්නේ?
☝️🧏අපි හැමෝම විටමින් C, D වගේම විටමින් E ගැනත් අහලා තියෙනවනේ. විශේෂයෙන්ම සම ලස්සනට තියාගන්න, ලෙඩ වලින් ආරක්ෂා වෙන්න විටමින් E උදව් වෙනවා කියලා අපි දන්නවා. ඒත් විටමින් E පෙති විදියට ගන්න එක ඇත්තටම හොඳද? නැද්ද? 🤔 අපි මේ ගැන හැමදේම සරලව කතා කරමු.
⛑️⛑️ විටමින් E කියන්නේ ඇත්තටම මොකක්ද?
☝️⛑️විටමින් E කියන්නේ අපේ ශරීරයේ සෛල වලට හානි කරන 'නිදහස් ඛණ්ඩක' (Free Radicals) කියන නරක අංශු වලින් සෛල ආරක්ෂා කරන දක්ෂ මුරකාරයෙක් වගේ.
මේ නිසා පිළිකා, ඇල්සයිමර් වගේ ලෙඩ වලින් ආරක්ෂා වෙන්නත්, සම ඉක්මනට වයසට යන එක නවත්තන්නත් උදව් වෙනවා.
🥗☝️ විටමින් E බහුලව තියෙන කෑම වර්ග මොනවද?
✴️හොඳ සමබර ආහාර වේලකින්ම අපිට අවශ්‍ය විටමින් E ප්‍රමාණය ලබාගන්න පුළුවන්.
🥜 ඇට වර්ග: ආමන්ඩ්, සූරියකාන්ත ඇට.
🥦 එළවළු: නිවිති, බ්‍රොකලි වගේ තද කොළ පැහැති එළවළු.
🥑 පළතුරු: අඹ, කිවි, අලිගැටපේර.
🐟 මාළු: සැමන්, ටූනා වගේ තෙල් සහිත මාළු.
🌻 එළවළු තෙල්: සූරියකාන්ත තෙල්.
☝️🧑⚕️ දවසකට අපිට විටමින් E කොච්චර ඕනෙද?
☝️⛑️වයස අනුව අවශ්‍ය ප්‍රමාණය වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් නිර්දේශිත දෛනික ප්‍රමාණයන් මෙහෙමයි:
උපතේ සිට මාස 6 දක්වා: මිලිග්‍රෑම් 4 (4 mg)
මාස 7 සිට 12 දක්වා: මිලිග්‍රෑම් 5 (5 mg)
අවුරුදු 1 සිට 3 දක්වා: මිලිග්‍රෑම් 6 (6 mg)
අවුරුදු 4 සිට 8 දක්වා: මිලිග්‍රෑම් 7 (7 mg)
අවුරුදු 9 සිට 13 දක්වා: මිලිග්‍රෑම් 11 (11 mg)
අවුරුදු 14 සහ ඊට වැඩි: මිලිග්‍රෑම් 15 (15 mg)
කිරි දෙන මව්වරුන්: මිලිග්‍රෑම් 19 (19 mg)
💊 විටමින් E පෙති (supplements) ගැනීම අවශ්‍යද?
✴️✴️ගොඩක් දෙනෙක්ට විටමින් E පෙති කිසිසේත්ම අවශ්‍ය නෑ. සමබර කෑම වේලකින්ම ඒක ලැබෙනවා.
🛑☝️බඩවැල් ආශ්රිත රෝග තියෙන කෙනෙක්ට වගේ විශේෂ අවස්ථාවකදී නම්, වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගන්න ඕන. කිසිම වෙලාවක දොස්තර කෙනෙක්ගෙ උපදෙස් නැතුව විටමින් පෙති පාවිච්චි කරන්න එපා! ⚠️
🛑☠️ විටමින් E වැඩි වුණොත් මොකද වෙන්නේ?
🛑☠️කෑම වලින් නම් විටමින් E වැඩි වෙන්නේ නෑ. ඒත්, උපදෙස් නැතුව පෙති ගත්තොත් ඇඟේ තැන්පත් වෙලා භයානක අතුරු ආබාධ ඇතිවෙන්න පුළුවන්. මොළයේ ලේ ගැලීම් (Brain bleed) වැනි බරපතල තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් තියෙනවා.
⛔⛔ විටමින් E පෙති එක්ක නොගත යුතු බෙහෙත් මොනවද?
🧑⚕️☝️ඔයා විටමින් E පෙති ගන්නවා නම්, මේ බෙහෙත් වර්ග ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.
⛔ලේ තුනී කරන බෙහෙත් (Blood thinners): විටමින් E නිසා ලේ ගැලීමේ අවදානම ඉතා ඉහළ යනවා.
⛔කොලෙස්ටරෝල් අඩු කරන බෙහෙත් (Statins, Niacin): මේ බෙහෙත් වල ක්‍රියාකාරීත්වයට බාධා වෙන්න පුළුවන්.
⛔පිළිකා ප්‍රතිකාර (Chemotherapy): ප්‍රතිකාර වල කාර්යක්ෂමතාවයට බලපෑම් කරන්න පුළුවන්. මේ නිසා, වෙනත් බෙහෙත් ගන්නවා නම් විටමින් E පෙති පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම දොස්තර මහත්තයාගෙන් අහන්න.
🧑⚕️☝️කෙටියෙන්ම මතක තියාගන්න කරුණු:
✴️විටමින් E කියන්නේ නිරෝගී සමකට සහ ප්‍රතිශක්තියට වැදගත් දෙයක්.
✴️හොඳ කෑම වේලකින්ම අවශ්‍ය ප්‍රමාණය ලැබෙනවා.
✴️වෛද්‍ය උපදෙස් නැතුව විටමින් E පෙති ගන්න එපා.
✴️විටමින් E පෙති අධිමාත්‍රාවෙන් ගැනීම භයානකයි.
☝️🧑⚕️සැකයක් තියෙනවා නම්, මුලින්ම දොස්තර කෙනෙක් එක්ක කතා කරන්න.
🪷මේ වටිනා තොරතුරු ඔයාගේ යාළුවොත් එක්ක බෙදාගන්න.
ස්තුතිය මුල් හිමිකාරීත්වයට,
උපුටා සකසා පළ කිරීම සහේලි රත්නායක.
Post a Comment