විපක්ෂයෙන් නැවතත් ජනාධිපතිවරු රටට බිහිවන්නේ නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්රී නජිත් ඉන්දික මහතා සඳහන් කරයි.
ඉදිරියේදී දිගටම පත්වන්නේ තම පක්ෂයෙන් පමණක් බවත් ඒ මහතා කියා සිටී.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත සම්බන්දයෙන් අදහස් පල කරමින් ඔහු මේ බව පැවසුවේය.
“මේ පනත ගේන්නේ අපිට අදාළවයි. මේ රටේ ජනාධිපතිවරු ආපසු මේ විරුද්ධ පැත්තෙන් හැදෙන්නෙ නැහැ. අපේ පැත්තෙන් තමයි ආපහු ජනාධිපතිවරු බිහිවෙන්නේ. ඒ නිසා මේක අපි හදාගන්න දෙයක්. මේක මේ කාගෙන්වත් පළිගන්න කරන වැඩක් නෙවේ.
මේ පනත මඟින් ඉවත් වෙන දේවල් ටිකක් තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයකුට ලබා දෙන නිවෙස හෝ දීමනාව මාසික ලේකම් දීමනාව, නිල ප්රවාහන දීමනාව ඇතුළු කිහිපයක් ඊට ඇතුළත්. මෙකෙන් ඉතිරි වෙන මුදල පොඩි වෙන්න පුළුවන්.
නමුත් අපි දැක්කනේ මේ සමහර ගෙවල් අලුත්වැඩියා කරන්න මිලියන ගණන් මුදල් වියදම් කරපු හැටි. මේ රටේ දේශපාලකයා මොන දිශාවකට ගෙනියනවාද කියන එකයි මෙතැනදී අපි බලන්න ඕන”
Post a Comment