ඒ සිද්ධිය මේ වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් සංවේගයට පත් කළ පුවතක් වුණා.
කොහොම වුණත් රට වෙනුවෙන් තම යුතුකම ඉටුකරන්නට ඔහු නැවතත් ඒ රට බලා ගිහින්.
සිය පියාගේ අභාවය නිසා හදිසියේ මෙරටට පැමිණි ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ, සිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව යළිත් ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලියට සහභාගී වීම සදහා 09/20 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පවසනවා.
ඔහු 09/20 දින අලුයම 03.05 ට ඩුබායි බලා එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 649 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණා.
ඒ ගැන දුනිත් මීට පැය කිහිපයකට පසු මෙන්න මේ වගේ සටහනක් තම සමාජ මාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.
"ආසියානු කුසලානයේ super 4 තරඟවටයේ තරග සදහා ක්‍රීඩා කිරීමට දුනිත් වෙල්ලාලගේ හෙට දින කන්ඩායම සමග එකතු වේ.
ඩුබායි සිටින ක්‍රිකට් ප්‍රේක්ෂයකයන් හට දුනිත් වෙනුවෙන් හෙට ක්‍රීඩා පිටියට එක්විය හැක. ඔහු වෙනුවෙන් පෙනී සිටිය හැක.
ක්‍රිකට් ප්‍රේක්ෂකයිනි.. මෙ ඔබේ වාරයයි!"
Post a Comment