පිළිකා රෝග සඳහා වැඩිදියුණු කළ එන්නත සාර්ථක බව රුසියාව පවසනවා.
මේ වනවිට එය භාවිතයට සූදානම් බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
මෙම එන්නතට අදාළ පූර්ව සායනික අත්හදා බැලීම්වල කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව සම්බන්ධයෙන් සාර්ථක ප්‍රතිඵල ලැබීම හේතුවෙන් මේ වනවිට මෙය ප්‍රතිකාර සඳහා යොදාගැනීමට හැකි බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.
ෆෙඩරල් වෛද්‍ය හා ජීවවිද්‍යා ඒජන්සියේ ප්‍රධානී වෙරෝනිකා ක්වොටොසොවා පවසන්නේ මේ වනවිට මෙම එන්නත ආරක්ෂිත සහ ප්‍රබල ලෙස ක්‍රියාකරන බවට පූර්ණ සායනික අත්හදාබැලීම්වලින් සනාත වී ඇති බවයි.
ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ එන්නත භාවිතයට මුදාහැරීම වෙනුවෙන් අවශ්‍ය නිල අවසරය අපේක්ෂාවෙන් පසුවන බවයි.
කොවිඩ් එන්නතක් ලෙස භාවිත කළ RNA එන්නතට යොදාගත් තාක්ෂණයම භාවිත කරමින් වැඩිදියුණු කරන ලද පිළිකා ප්‍රතිකාර එන්නත එන්ටරෝමික්ස් එන්නත ලෙස හඳුන්වනවා.
Post a Comment