එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකාවට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් අතර හමුවක් සිදුව ඇත.
ඒ් 23 වැනිදා අමරිකා ජනාධිපතිවරයා විසින් සපයන ලද රාත්රී භෝජන සංග්රහයකදීය.
වත්මන් මහා මණ්ඩල රැස්වීම්වලට සහභාගී වන රාජ්ය නායකයන් වෙනුවෙන් මෙම සංග්රහය සංවිධානය කර තිබුණි.
එහිදී, ඇමරිකානු ජනාධිපතිවරයා අමුත්තන් ඉතා සුහද ලෙස පිළිගත් අතර, ජනාධිපති දිසානායකටද ඩොනල්ඩ් ට්රම්ප් හමුවීමට අවස්ථාව ලැබිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද දිනයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතනු ලැබීය.
Post a Comment