ආතරයිටිස් රෝග එන්නේ හන්දිවල විතරක් කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ.
⭕නමුත් සැලකිය යුතු ආතරයිටිස් රෝග ප්‍රමාණයක් එන්නේ හන්දිවල විතරක් නෙමෙයි. ඒවා වෙනත් අවයව වලත් එනවා.
⭕ඒක නිසා තමයි ආතරයිටිස් රෝග Multisystem diseases කියලා හඳුන්වන්නේ
⭕සමහර අවස්ථාවකදී ආතරයිටිස් රෝගයක් ඇඟට එනකොට මුලින්ම එන්නේ ඇස්වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්
⭕ඔය වගේම ආතරයිටිස් රෝගයක් තියෙන කෙනෙක්ට ඇස්වල සංකූලතාවයක් එන්නත් පුළුවන්
⭕ප්‍රතිකාරයක් නොගත්තත් ගැටළුවක් නොවන තත්ව වල සිට ඇස් අන්ධ වෙන්න පුළුවන් වුනත් උනත් රෝග තත්ත්වයය ආතරයිටිස් රෝග නිසා ඇස් වල එන්න පුළුවන්
⭕මෙම ලිපිය ලියල තියෙන්නෙ ඔහොම ආතරයිටිස් රෝග එක්ක එන ඇස්වලල ගැටලු
⭕Episcleritis
මෙම එන්නේ ඇස්වල එළියෙන්ම තියෙන පටලයේ. මේක එනකොට ඇස් රතු වීම, ඇස්වල සුළු වේදනාවක් වගේ එන්න පුළුවන්. ප්‍රතිකාරයන් නොගත්තත් මේක සමනය වෙනවා. නමුත් සමහර රෝගීන්ට විශේෂයෙන් ප්‍රතිකාර කරන්න වෙනවා. මේක ඇහේ එන්න පුළුවන් සුළු ආබාධ තත්වයක්.
⭕Scleritis
මෙම තත්ත්වය ඇසේ Sclera කියන පටලලේ තමයි එන්නේ. ඇහේ වේදනාව රතු වීම එනවා. එක ඇසක හෝ ඇස් දෙකේම එන්න පුළුවන්. ඊට අමතරව ආලෝකය දෙස බැලීමේ ඇති අපහසුතාවයවගේම ඇස් බොඳ වෙලා පේන ගතිය එන්න පුළුවන්. මේකට විශේෂිත ප්‍රතිකාර අවශ්‍යයි. සාමාන්‍යයෙන් ඇස්වල ගැටලුවක් ආවම වෙනත් අවස්ථාවකදී වගේ අක්ෂි රෝග විශේෂඥවෛද්යවරයෙක් මගින් ඇසේ අතුල පරීක්ෂා කරනව ලබනවා.
නිසි ප්‍රතිකාර නොකලොත් ඇස් වල පටල වලට සදාකාලිකව හානි වෙන්න පවා පුළුවන්
⭕Keratoconjunctivitis Sicca
මෙම තත්ත්වයේදී ඇස වේලුණු ගතියක්, ඇස් කසන ගතියක් වගේම ඇස් කෙවෙන ගතිය එන්න පුළුවන්. මෙම තත්වය Sjogren’s syndromme නම ආතරයිටිස් රෝගීන් අතර බහුලයි.
⭕Uveitis
මෙම තත්ත්වය ඇහේ එන්න පුළුවන් භයානක තත්ත්වයක්. මෙම තත්ත්වයේදී ඇසේ වේදනාව රතු වීම ඇස් බොඳවීමට අමතර බොඳ වෙලා පේන ගතිය පවා එන්න පුළුවන්.
ඊට අමතරව ආලෝකය දෙස බැලීම අමාරු වෙන්න පුළුවන්. මෙම තත්ත්වය ආවොත් අනිවාර්යෙන්ම ආතරයිටිස් රෝගයක් තියෙනවද කියලා හොයලා බලන එක සාමාන්‍ය දෙයක්. බහුලවම එන්නේ anterior uvities කියන තත්ත්වය නිසි ප්‍රතිකාර අත්‍යවශ්‍යයි. නැත්නම් ඇස් අනධවෙන්න පවා පුළුවන්. ඊට අමතරව posterior uveitis, pan uveitis වගේ තත්ව පවා එන්න පුලුවන්.
⭕Retinal Vasculitis
මෙම තත්ත්වයේදී Retina නමින් හැඳින්වෙන පටකයට යන ලේ නහර වලින් වලන් ප්‍රධාහය එන්නේ. බොඳ වී පෙනීම, රොඩු ඇහැ ඉදිරියේ පාවෙනවා වගේ පෙනීම එනවා. අනිවාර්යෙන් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. නැතිනම් ඇස් අන්ධවීම පවා වෙන්නන පුළුවන්
⭕Optic Neuritis
මෙම තත්ත්වයේදී ඇසේ ප්‍රධාන ස්නායුව වන Optic nerve යන ස්නායුවේ ප්‍රධාහය එන්නේ. ප්‍රතිකාර නොලැබුණොත් ඇස් අන්ධ වෙන එක තමා වෙන්නෙ. විශේෂිත ප්‍රතිකාර අත්‍යාවශ්‍යයි.
⭕Giant cell arteritis
මෙම තත්ත්වය එන්නේ දැඩි ඔලුවකුම එක්ක. ඇසේ පෙනීමේ අපහසුතා එන්න පුළුවන්. දින කීපයක් ඇතුළත රෝග ලක්ෂණ එන්න්ස් පුළුවන්.
ඊට අමතරව කෑම සැපීමේ අපහසුතාවය එහෙමත් නැත්නම් Jaw claudication කියන තත්වය එක්ක එන්න පුළුවන්. නිසි ප්‍රතිකාර නොලැබුණොත් පැය කිහිපයක් ඇතුළත පවා ඇසේ පෙනීම සදහටම නැතිවෙලා යන්න පුළුවන්. රෝගය වයස්ගත පුද්ගලයින් අතරින් දකින්න පුළුවන්. මෙතැනදී වෙන්නේ ඇසේ ප්‍රධාන ස්නායුවට ලේ ගෙන යන ලේ නහර වල ප්‍රධාහය.
⭕Retro orbital mass
Granulomatosis with polyangitis කියන භයානක ආතරයිටිස් රෝගයේදී ඇස පිටුසින් ගෙඩි හටගන්න පුළුවන්. ඒවා මගින් ඇහැ එළියට තල්ලු වෙනවා. විශේෂිත ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෙනවා
⭕Sclremalacia perforans
මෙම තත්ත්වයන් විශේෂයෙන්ම කාලයක් තිස්සේ නිසි ප්‍රතිකාර ලබා නොගන්නා රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන් අතර දකින්න පුළුවන්. ඇසේ මොනවාහරි රැදුනා වගේ පොඩි අපහසුතාවයක් එන්න පුළුවන්. මෙම තත්ත්වයේදී Sclera පටලයේ තුනී වෙලා ඇsee හිල් හැදෙන්න පවා පුළුවන්.
⭕Cataract තත්වය (ඇසේ සුද)
ආතරයිටිස් රෝග වලට භාවිතා කරන සමහර ඖෂධ නිසා ඇහේ එන්න පුළුවන්. සැත්කමක් මගින් බොහොම පහසුවෙන්ම ඕවා ඉවත් කරන්න පුලුවන්. හැබැයි ආතරයිටිස් රෝගීන්ගේ cataract එන්න ප්‍රධානම හේතුව ආතරයිටිස් බෙහෙත් නෙවේ. වයසට ඇසේ එන සුද තමා බහුලවම එන්නේ.
⭕ආතරයිටිස් නිසා තවත් ඇස් වල කලාතුරකින් එන්න පුලුවන් රෝග තියනවා.
⭕Dr Aruna Caldera
MBBS, MD, MRCP (UK), MRCP (Rheumatology)
සන්ධි සහ සන්ධි ආශිත රෝග පිලිබඳ විශේෂඳ වෛද්‍යය
Post a Comment