මේ පින්තූර වලින් පෙනෙන්නේ “බොරැ ස්ත්‍රී දූශන “චෝදනාවකට වසර 10ක් දඬුවම් විඳලා අවසානයේ නිදොස්බව ඔප්පු වෙච්ච මොහොතේ තරැණයෙක්ගේ ප්‍රථිචාරය.
බ්‍රයන් බෑන්ක්ස්, කැලිෆෝනියාවේ ලෝන්ග් බීච්හි පොලිටෙක්නික් උසස් පාසලේ හිටපු නැගී එන ඇමරිකන් පාපන්දු ක්‍රීඩකයෙක්. වයස 16ක් වෙච්ච බ්‍රයන් ඒ වෙනකොටත් අඩි 6යි අඟල් 4ක් උස, ලයින් බැකර් කෙනෙක් විදිහට හොඳ අනාගතයක් පෙන්නපු ක්‍රීඩකයෙක්. එයා එයාගේ සීනියර් ෆුට්බෝල් සීසන් එකට තරඟකරන්න ලෑස්තිවෙලයි හිටියේ. මේ වෙනකොටත් බ්‍රයන් දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යාලයෙන් පාපන්දු ක්‍රීඩාකරන්න වසර 4ක පූර්ණ ශිෂ්‍යත්වයක් ලැබිලා ඒක වාචිකව පිළිඅරගෙන හිටපු ක්‍රීඩාවේ වගේම ජීවිතයේ දීප්තිමත් අනාගතයක් තිබ්බ තරැණයෙක්. නමුත් බ්‍රයන්ගේ දෛවය ඊට වඩා වෙනස් ජීවිතේ අඳුරැ මුල්ලකට බ්‍රයන්ව ඇදල දානවා..
දවස 2002 ජූලි 8, දවල් 11.00 විතර බ්‍රයන් අවසර ඉල්ලනවා දුරකථණය පාවිච්චි කරන්න පන්තියෙන් එලියට යන්න.ඉතින් එහෙම එලියට ගිය බ්‍රයන් දකිනවා වනිටා ගිබ්සන් කියන තමන් ටික කාලෙක ඉඳලා දන්න ගැහුනු ළමයා වැසිකිලි සංකීර්නයෙන් එලියට එනවා.
ඉතින් දෙන්නා යනවා ඉස්කෝලේ තියන පෙම්වතුන් සිපවැලඳගන්න තැනක් කියලා නම ගිය පඩිපෙලක් පැත්තට. මිනිත්තු 30කට විතර පස්සේ අනීටා පන්තියට ගියාම ඒ තරම් ප්‍රමාද වෙච්ච එකට පන්තියේ හිටපු ගුරැවරයගෙන් දොස් අහන්නත් එයාට සිද්දවෙනවා.
මෙහෙම ටිකවෙලාවක් ගතඋනාට පස්සේ වනීටා විසින් බ්‍රයන් බෑන්ක්ස් කියන තරැණයට තිබුන දීප්තිමත් අනාගතය කුඩුපට්ටම් කරලා දාන්න පුලුවන් තරම් දෙයක් කොලයට ලියනවා.
“බ්‍රයන් මාව දූශනය කරා. මම තවදුරටත් කන්‍යාවියක් නෙමෙයි”
ඊට පස්සේ වනීටා මේ කොල කෑල්ල තමංගේ යාලුවට දෙනවා.
පන්තිය ඉවරවෙලා වනීටා තමන්ගේ සහෝදරීව මුනගැහෙනවා.එතනදී එයා දිගින් දිගටම අහන ප්‍රශ්න නිසා අනීටා කියකවා බ්‍රයන් එයාව දූශනය කරා කියලා. ඉතින් දෙන්නා ආපහු හැරිලා පාසල් කාර්යාලයට යනවා මේ ගැන පැමිනිලි කරන්න.
මේ කිසි දෙයක් නොදන්න බ්‍රයන්ව එදා රෑම ගෙදරදී අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ පරීක්ශන කටයුතු පටන්ගන්නවා චෝදනා ගොනුකරන්න.ඉතින් කල් ගිහින් 2003 ජනවාරි 3 ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිපති කාර්යාලයෙන් ස්ත්‍රී දූශණය සහ බලහත්කාරයෙන් පැහැරගැනීම කියන චෝදනා යටතේ බ්‍රයන්ට විරැද්දව නඩු පවරනවා.
මෙතනදී බ්‍රයන්ගේ පැත්තට ඉන්නේ එයාගේ අම්ම විතරයි. අම්මා විශ්වාස කරනවා තමංගේ පුතා එහෙම වැරැද්දක් කරේ නෑ කියලා. ඒත් නඩු කියන්න යන වියදම දරන්න බ්‍රයන්ගේ අම්මට පුලුවන් කමක් තිබ්බෙ නෑ. නමුත් එයා පුතා වෙනුවෙන් සටන්කරනවා. නඩු කටයුතුවලට මුදල් හොයාගන්න බ්‍රයන්ගේ අම්මා ලියෝමි එයාගේ නිවස සහ මෝටරථය විකුනල දානවා.
පස්සෙ කාලෙක බ්‍රයන්ගේ අම්ම කියන විදිහට
“මම සලකන්නේ මම කරේ අම්ම කෙනෙක් විදිහට කලයුතු දේ”
මුලදී නඩුව බ්‍රයන්ගේ පැත්තට බර වෙලයි තිබ්බේ.මොකද ශෙරිෆ් කාර්යාලයෙන් ලබාගත්ත DNA වාර්ථා පවා බ්‍රයන් දිගින් දිගටම කියපු විදිහට ඝෘනාත්මක හෙවත් බ්‍රයන්ගේ DNA නෙමැති බව තහවුරැ කරලා තිබුනා. නමුත් තමන්ට තිබුන හැකියාව වෙච්ච පාපන්දු වලින් ලෝකයම දිනාගන්න NFL වගේ ලීග් තරඟ ක්‍රීඩා කරන එක ගැන හීනයක් විතරක් තිබුන බ්‍රයන්ට සහ පවුලට ඩොලර් මිලියනයක ඇප මුදලක් ගෙවන්න තරම් ආර්ථික ශක්තියක් තිබුනේ නැහැ. ඒක නිසා බ්‍රයන්ට සිද්දවෙනවා නඩුවිභාගය ආරම්භ වෙනකන් තවත් වසරක් සිරගතවෙලා ඉන්න.
කොහොම හරි නඩු දිනය කිට්ටුවෙනකොට කලුජාතිකයෙක්ම වෙච්ච බ්‍රයන්ගේ නීතීඥවරිය බ්‍රයන්ට කියනවා බ්‍රයන්ගේ වයස බ්‍රයන් කලු ජාතිකයෙක් වීම සහ උඩ මම විස්තර කරපු විදිහට අඩි 6යි අඟල් 4ක දැවැන්ත ශරීරයකට හිමිකම් කීම කියන සාධක නිසා බ්‍රයන්ට සාධාරණ නඩු තීන්දුවක් ලැබෙන්නෙ නැතිවෙන්න සෑහෙන ඉඩක් තියනව කියලා.තමන් කිසිම වැරැද්දක් කරේ නෑ කියලා දිගින් දිගටම කියා හිටපු බ්‍රයන්ට කියනවා වසර 41 ක විතර උපරිම සිර දඬුවමක් ලැබෙන්න පුලුවන් මේ නඩුවකදී නඩුකියන්න යන්නෙ නැතුව ඉන්න කියලා. ඉතින් වසර 1 සිට 5ක් දක්වා සිර දඬුවමක් ලැබෙන එකඟතාවයකට ඇවිත් සමතයකට පත්වෙන්න බ්‍රයන් කැමති වෙනවා. මෙතනදී එකඟතාව අනුව බ්‍රයන්ට ලැබෙන්න පුලුවන් උපරිම දඬුවම වෙච්ච වසර 5ක සිරදඬුවමක් නියම වෙනවා. මේ දඬුවම ලැබුන මොහොත ගැන මෙහෙම කියනවා
“මට මතකයි නඩු කාමරයේ ඉඳලා රඳවා ගැනීමේ සිරකුටියට මාව ගෙනිහින් දානවා. මම මුලු ලෝකේ ගැනම තරහින් හිටියේ”
ඉතින් මේ නඩුවට අමතරව බ්‍රයන්ට දූශන චෝදනා එල්ල කරපු වනීටා ගිබ්සන් හරිහමන් ආරක්ශාවක් නොසැපයීම කියන චෝදනාව යටතේ පාසල් පද්ධතියට විරැද්ධව නඩු පවරනවා. ඒ නඩුවෙනුත් ඇය ඩොලර් මිලියන 1.5ක වන්දියක් දිනාගෙන සමතයකට පත්වෙනවා.
බ්‍රයන් මේ අතර තුර තමන්ගේ නිදොස්බව ඔප්පු කරන්න දිගින් දිගටම උදව් ඉල්ලනවා.2006 දී බ්‍රයන් පෙත්සමක් ඉදිරිපත්කරනවා තමන්ට හරි නීති උපදෙස් ලැබුනෙ නැහැ, DNA ඇතුලු ජීව විද්‍යාත්මක සාක්ෂි පවා එයාට සහයට තිබ්බේ ඒක නිසා නඩුව නැවත සලකන්න කියලා. නමුත් මේ පෙත්සම පැහැදිළි කරුනු නැති බව කියමින් නිශ්ප්‍රභා කරනවා.
බ්‍රයන් නැවත California Western School of Law හි California innocence project ව්‍යාපෘතියෙන් උදව් ඉල්ලනවා තමන්ගේ නිදොස්බව ඔප්පුකරන්න. නමුත් නිදොස්බවට ප්‍රමාණවත් සාක්ෂි මෙතන නැති බව එතනින් බ්‍රයන්ට දන්වනවා.
කොහොම හරි 2007 වසරෙදී තමන්ගේ සිර දඬුවමෙන් 85% ඉවර කරලා බ්‍රයන් ඇප පිට නිදහස් වෙනවා. හැබැයි තවදුරටත් බ්‍රයන්ට ankle monitor එකක් පැලඳගෙන ඉන්න සිදුවෙනවා සහ ගමන් සීමා පැනවෙනවා.ඒ වගේම බ්‍රයන් ජීවිත කාලය පුරාවටම ලිංගික අපරාධකරැවෙක් විදිහට වාර්ථා ගතකරනවා.
මෙහෙම කාලයක් යනකොට 2011, පෙබරවාරි 8 බ්‍රයන්ගේ Facebook එකට friend request එකක් එනවා තමන්ට ස්ත්‍රී දූශන චෝදනා කරපු වනීටා ගිබ්සන් ගෙන්.බ්‍රයන් ඒක accept කරනව වෙනුවට එයාට message එකක් යවනවා ඇයි මට friend request එකක් එව්වේ කියලා. ඉතින් වනීටා කියනවා එයාට ඕන වෙච්ච දේවල් අමතක කරලා එනිනෙකා අඳුරගෙන කථාබහ කරන්න කියලා.වනීට සෑහෙන උනන්දු වෙනවා බ්‍රයන් මුනගැහිලා කථාබහ කරන්න.ඉතින් මෙතන තියන අවස්ථාව අඳුරගන්න බ්‍රයන් ප්‍රද්ගලික රහස් පරීක්ශකයෙක් වෙච්ච මිත්‍රයෙක්ගේ තාත්ත කෙනෙක්ගේ උදව් ඇතිව රහස් කැමරා අටවපු තැනක මුනගැහෙනවා.
මේ හමුවෙදී බ්‍රයන් වනීටගේ උදව් ඉල්ලනවා තමන්ගේ නිදොස්බව ඔප්පුකරන්න. එතනදී වනීටා කියනවා
“මම කැමතියි ඕනදෙයක් කරන්න ඔයාට උදව් කරන්න.ඒත් ඒවගේම මට ඒගොල්ලො දීපු සල්ලි…
ඒක ආපහු දෙන්න සිද්දවෙන්න බෑ”
මේ කියන්නේ ඉස්කෝලේ එක්ක කියපු නඩුවෙන් දිනපු වන්දි මුදල් ගැන.
කොහොම හරි මේ විදිහටම දෙවනි වතාවටත් මුනගැහහෙන්න වනීටා කැමතිවෙනවා. මෙතනදී කලින් කිව්ව පුද්ගලික රහස් පරීක්ෂකයත් බ්‍රයන් එක්ක යනවා. මෙතනදී තමන්ගේ සාක්ෂි එකතුකරගන්න ඒ දෙන්න බලාපොරොත්තු වෙනවා.කථාව යනකොට පරීක්ෂකයා වනීටගෙන් මොහෙම අහනවා
“ඔහුට චෝදනා එල්ල උනා ස්ත්‍රී දූශනය සහ පැහැරගැනීම..”
වනීටා උත්තර දෙනවා.
“සෑහෙන දේවල් ගැන චෝදනා කරා”
පරීක්ෂක
“ඔව්, මට ඕන ඒදේවල් ඔබෙන්ම අහන්න සහ ඒවා කොලයක සටහන් කරගන්න. ඊට පස්සේ මම ඔබව මුනගැහෙන්නම්.එතන ඉඳන් අපි ඉස්සරහට යමු.
වනීටා
” ඔබට අවශ්‍ය මම ඒක මේ දැන් කියන්න ද?”
පරීක්ෂක
“එහෙම උනොත් මට පුලුවන් වේවි…
ඔහු (බ්‍රයන්) ඔබව දූශනය කරා ද?”
වනීටා සිනහවෙමින්
“නෑ.ඔහු එහෙම කරේ නෑ”
පරීක්ෂක
“ඔහු ඔබව පැහැරගත්ත ද?”
වනීටා
“නෑ”
මේ හැම දෙයක්ම වනීට නොදැන රහසින් වීඩියෝ කරල තිබුනා.ඉතින් මේ සාක්ෂි එක්ක California innocence project එකට කථාකරාම ඔවුන් බ්‍රයන්ට උදව්කරලා අධිකරණය ඉදිරියේ කරැණු දක්වනවා. මෙතනදී බ්‍රයන් සියලු චෝදනාවලින් නිදොස් කරලා නිදහස් කරනවා.
අන්න ඒ විදිහට වසර 10ක් බොරැ චෝදනාවක් නිසා විනාසවෙච්ච බ්‍රයන්ගේ සහ අම්මගේ ජීවිත වලට පුංචි නිදහසක් ලැබෙනවා. බ්‍රයන් නඩු කාමරයේ තමන් හිටපු පුටුවේ ඉඳගෙන මේසෙට බරවෙලා අඬනවා. ඒ තමන්ගේ නිදහස ගැන සතුටෙන්ද බොරැ චෝදනාවක් නිසා විනාසවෙලා ගිය කමන්ගේ ජීවිතේ ගැන දුකෙන්ද කියල දන්නේ බ්‍රයන් විතරයි.
ඉතින් මේ හැමදේම ඉවරවෙලා ගෙදර ගියගමන් බ්‍රයන් කරන්නේ අවුරැදු 5ක් පුරාවට තමන්ව කමන්ගේ මිනිස්සු මැද්දේ හිරකාරයෙක් කරපු ankle monitor එක කපල දාන එක. හැබැයි බ්‍රයන් වනීට ගැන කිසිම තරහක් හිතේ තිබාගන්නෙවත් එයාට නඩු පවරන්නවත් යන්නෙ නැහැ.
බ්‍රයන් කියන විදිහට සිද්දිය වෙච්ච දවසේ කිසිම ලිංගික එකතුවීමක් වෙලා නෑ. දෙන්නා කැමැත්තෙන් සිප වැලඳගැනීම් විතරයි වෙලා තියෙන්නේ.එහෙම උනත් තමන්ගේ ජීවිතේ නැතිවෙච්ච දේවල් වෙනුවෙන් බ්‍රයන් පලිගන්න යන්නෙ නැහැ. එයා එයාගේ හීනය වෙච්ච ක්‍රීඩාව වෙනුවෙන් මහන්සි වෙනවා.සෑහෙන්න කාලය නාස්ති උනත් NFL එකට තරඟකරන්න තරම් වාසනාවක් බ්‍රයන්ට ලැබෙනවා. ඒත් වසර 10ක් නාස්තිවෙච්ච ජීවිතේ නිසා ඒකේ සෑහෙන දේවල් එයාට මගඇරෙනවා. ඉතින් සෑහෙන ගමනක් යන්න හිටිය තරැණයෙක්ට NFL වල යන්තම් තරඟ 4ක් විතරයි ක්‍රීඩාකරන්න ලැබෙන්නේ. මේ වගේ වැරදි චෝදනා එල්ලවෙලා ජීවිත සම්පූර්ණයෙන් විනාසවෙච්ච ක්‍රීඩකයෝ කලා කාරයෝ ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අයට බ්‍රයන්ට වගේ තමන් නිවැරදි කාරයෙක් කියල ඔප්පුකරන්න අවස්ථාවක් ලැබෙන්නෙ අඩුවෙන්.
ඉතින් ඒක නිසා කාටවත් ලේබල් අලවන්න හිතේ තියන පුද්ගලික ඇරියස් නිසා ඔහේ ලියලා මිනිස්සු වැරදිකාරයෝ කරන්න වගේම ගෙදර ඉඳන් නඩු තීන්දු ලියන්න කලින් දෙපාරක් හිතන්න හැම කථාවකම එක පැත්තකට වඩා තියනවා කියන එක ගැන. එහෙම කරලා අවුරැදු 10කට පස්සේ තමන් නිවැරදි කාරයෙක් උනා කියල දැනගත්තම නඩු කාමරේ ඉඳන් අඬන බ්‍රයන් බෑන්ක්ස් ගේ මේ පින්තූරේ මතක් කරගන්න.
(මේ සිද්දිය ගැන 2018 දී Brian Banks නමින් චිත්‍රපටයකුත් නිර්මාණය වෙනවා)
(උපුටා ගැනීමකි )
මුල් හිමිකරුට ස්තූතිය
Post a Comment