රජය ලොකු ලූනු මිලදී ගැනීමේදී කොන්දේසි 17ක් පනවා ඇති අතර, ඒ අනුව ගෙඩියක විෂ්කම්භය මිලිමීටර් 35 සිට 65 අතර විය යුතුය. එය ඉක්මවන හෝ අඩු වන ලූනු මුළු තොගයේ බරින් සියයට 10 කට අධික නොවිය යුතු බවද නියමිතය.
රජය නියම කළ ප්රමිතිය අනුව, ලොකු ලූනු කිලෝග්රෑමයකට ගෙඩි 8ක් පමණ අඩංගු විය යුතුය. එහෙත්, මෙම කොන්දේසි ගොවීන්ට පීඩාවක් බව ඔවුහු පවසති.
සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කළේ,
රජය මිලදී ගන්නේ යළි අලෙවියට සුදුසු ලූනු බවය. මාතලේ, අනුරාධපුර සහ පොළොන්නරුවේ ගොවීන් පසුගිය මාසවල සිට අස්වැන්න නෙළූ නමුත් සිය අස්වැන්න සඳහා නිසි මිලක් නොලැබීමෙන් ඔවුන් දැඩි අසරණභාවයකට පත්වී ඇත.
ලොකු ලූනු කිලෝග්රෑමයක් රු.140ක මිලකට යටත්ව රජය ගොවියෙකුගෙන් කිලෝ 2000ක් දක්වා මිලදී ගන්නා නමුත්, ඊයේ(28) දින දඹුල්ලේ ගබඩාවලට කිසිදු ගොවියෙකු ලූනු අලෙවියට පැමිණි නොමැති බව වාර්තා වේ.

Post a Comment