පසුගිය දින දෙක තුළ ගෝලීය ක්‍රිප්ටෝ මුදල් වෙළඳපොළ ඉතිහාසයේ වාර්තා වූ විශාලතම මූල්‍ය කම්පනයකට මුහුණ දුන්නා.
එක්සත් ජනපදයේ දේශපාලන තීරණයක් හේතුවෙන් ඇති වූ දැවැන්ත “ද්‍රවීකරණ” (liquidation) රැල්ලක් නිසා, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ ඩොලර් බිලියන 19 කට අධික වටිනාකමක් සහිත ආයෝජන වෙළඳපොළෙන් ඉවත්ව ගිය බවයි වාර්තා වන්නේ.
මේ සඳහා ප්‍රධාන හේතුව ලෙස Bloomberg ඇතුළු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන මත 100% තීරුබදු පැනවීම පිළිබඳ ගනු ලැබූ තීරණයයි.
දත්ත විශ්ලේෂණ සමාගමක් වන Coinglass වාර්තා කළ පරිදි, ලාභ බලාපොරොත්තුවෙන් ණය ගෙන සිදු කළ වෙළඳාම්වල නිරත වූ වෙළෙන්දන් මිලියන 1.6 කට අධික සංඛ්‍යාවක් බලහත්කාරයෙන් ද්‍රවීකරණයට ලක්වී තිබෙනවා.
මෙම තත්ත්වය යටතේ බිට්කොයින් (Bitcoin) ද්රවීකරණයේදී ඩොලර් බිලියන 5.34 කට වැඩි පාඩුවක් අත්විඳි බවත් වාර්තා වනවා.
එතීරියම් ඇතුළු Solana, XRP සහ Dogecoin වැනි අනෙකුත් ප්‍රධාන කාසි ද 20% – 30% ක පමණ දැඩි පසුබෑමකට ලක් වී තිබෙනවා.
මීට අමතරව, විශාලතම ක්‍රිප්ටෝ හුවමාරු මධ්‍යස්ථානයක් වන Binance හි “දැඩි වෙළඳපොළ ක්‍රියාකාරකම්” හේතුවෙන් ගිණුම් ගැටළු සහ වෙළඳාම් ක්‍රියාත්මක නොවීම් ද වාර්තා වූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරන්නේ.
විශ්ලේෂකයින් අවධාරණය කරන්නේ, මෙම සිදුවීම මගින් ගෝලීය ආර්ථිකය හා දේශපාලනය හමුවේ ක්‍රිප්ටෝ වෙළඳපොළේ ඇති දැවැන්ත සංවේදීතාව නැවත වරක් තහවුරු වූ බවයි.
Source – Hiru Gossip

Post a Comment