ECG, Xray, MRI වාර්තා ගත්තත් ඒවායේ කිසිවක් සදහන් නැද්ද ?
බෙල්ලේ වේදනාව සදහා අපගේ ප්‍රතිකාර වලදී රෝගීන්ගේ අප දකින පොදු ලක්ෂණයක් වන්නේ ඉහල කොන්දේ මැද පිටුපස මාංශ පේශි වේදනාව හෝ උරස් කොඳු ඇට පෙළේ වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුතාවයක් හෝ පපුවේ වේදනාවක් තිබෙන රෝගීන් ය. ඔවුන් චෝදනා කරන්නේ කොන්දේ වේදනාව සමග හුස්ම හිරකරනා බවත්ය. තවද හුස්ම ගනිද්දී පපුවේ වේදනාවක් තිබෙන බවද ඔවුන් පවසයි... එමනිසා මෙයට හේතුව විස්තර කිරීමට අප අද තීරණය කලෙමු.
ඉහල කොන්දේ ව්‍යූහය ගතහොත් උඩින්ම මාංශ පේශි ස්තර දෙකක්ද, ඊට පහලින් කොදුඇට පෙල සමග පර්ශුද ඇතුලින්ම පෙනහලු ද පිහිටා ඇත. බොහෝවිට කාලයත් සමග ඔබගේ වැරදි ඉරියව්, කොදුඇට පෙල පිරිහීමේ රෝග (ඔස්ටියෝආතරයිටිස්, ස්පොන්ඩිලොසිස්), බෙල්ලේ ස්නායු තෙරපීමක්, අතීතයේ වූ මාංශ පේශි ඉරීයෑම්, තුවාල නිසා පසුකාලීනව ඉහල කොන්දේ උඩින්ම පිහිටන මාංශ පේශි ස්ථර වල තදවීමක් විය හැකිය. මෙය සමග පසුකාලීනව මාංශ පේශි ගැටිති( ප්‍රේරක ලක්ෂ / trigger points) වර්ධනය විය හැකිය. මෙම ආකාරයේ මාංශ පේශි ගැටිති එහෙමත් නැත්නම් ප්‍රේරක ලක්ෂ නිර්මාණය වූ පසු ඒවාගෙන් හටගන්නා වේදනාව ඒවා පිහිටන ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට යොමුවීම සිදුවේ.
එබැවින් මෙම ප්‍රේරක ලක්ෂ ඔබගේ ඉහල කොන්දේ මාංශ පේශි වල නිර්මාණය වී ඇත්නම්, එහි වේදනාව එම මාංශ පේශි ස්ථර යටින් පිහිටන පෙනහලු වලට හා ඔබගේ පපුව ඉදිරිපසට යොමුවිය හැකිය. ඉතින් ඔබ කාලයක් සමග බෙල්ලේ වේදනාවක් ඉහල කොන්දේ වේදනාවක් අත්විදින්නේ නම්, ඔබට එය සමග එන හුස්ම හිරවීම, පපුව දෙසට එන වේදනාව හටහන්නේ බොහෝවිට ඉහත සදහන් වූ සංසිද්ධිය නිසාය. කෙසේ නමුත් මෙම ඉහල කොන්දේ වේදනාව සමග හුස්ම හිරවීම හා සම්බන්ධ තවත් හේතු ද ඇත. ඒවා පිලිබඳ දැන් අපි සලකා බලමු.
✅ පහත දැක්වෙන්නේ ඔබගේ ඉහල කොන්දේ පිටුපස වේදනාව සහ හුස්ම හිරවීම යන දෙකම අත්විඳිය හැකි හේතු හයකි.
🔹දුර්වල වාඩි වී සිටින ඉරියව්ව - හෝ වැඩි කාලයක් වාඩි වී සිටීම.
මෙම හේතුවෙන් ඉහල කොන්දේ පිටුපස භ්‍රමණය අඩු කිරීම - නැවත වාඩි වී සිටීම සහ මෙම සන්ධිවල ප්‍රමාණවත් චලනයන් නොමැති වීම,පපුවේ මාංශ පේශි සහ පිටුපස මාංශ පේශි අතර අසමතුලිතතාවය ඇතිවිය හැකිය.
🔹ස්කෝලියෝසිස්/ පැති කුදය
මෙම තත්වය නිසා කොඳු ඇට පෙළේ අසාමාන්‍ය වක්‍රයක් ලෙස පිහිටයි. පිටුපස සිට බලන විට “එස්” හෝ “සී” අක්ෂරය මෙන් පෙනේ. එය අධික ලෙස පිටතට වක්‍ර වන විට, හුස්ම ගැනීමේදී ඔබට එම කලාපයේ වේදනාවක් ඇතිවිය හැකිය.
🔹ඔස්ටියෝපොරෝසිස්
මෙම තත්වය පුද්ගලයෙකුගේ අස්ථි දුර්වල වීමට හේතු වේ. එය කොන්දේ ඉහළ පිටුපස කලාපයේ එය සිදු වූ විට, හුස්ම ගැනීමේදී ඔබට වේදනාව ඇතිවිය හැකිය.
🔹දැඩි/ ශක්තිමත් අන්තර් මාංශ පේශි
ඔබ හුස්ම ගන්නා විට, ඔබේ ඉළ ඇට අතර අන්තර් මාංශ පේශි (ඉන්ටර්කොස්ටල් මාංශ පේශි) ඔබේ පපුවේ කුහරය හා ඉළ ඇටයේ ප්‍රසාරණය හා හැකිලීමට උපකාරී වේ. මෙම මාංශ පේශිවලින් එකක තදවීමක් වුවහොත් තුවාල වුවහොත් හෝ ස්වභාවික ඒවා ඉතා දැඩිව පිහිටා ඇත්නම් පත්වුවහොත්, ඔබට ඉහත රෝග ලක්ෂණ අත්විදිය හැකිය.
🔹නියුමෝනියාව, හෝ හදවත් රෝගී තත්වයන්
🔹පෙනහලු පිලිකා
මෙම තත්වයන් අවම කරගැනීමට ඔබට සිදුකල හැකි මූලික දේ වන්නේ ඔබගේ වැරදි ඉරියව් නිවැරැදි කිරීමයි
එදිනෙදා ඔබ විසින් සිදුකරන වැරදි ඉරියව් හා ඒවායේ නිවැරැදි වීම්
➡️සිටගෙන සිටින විට නිවැරදි ඉරියව්ව
1.ඍජු කාය විලාසයක් පවත්වා ගැනීම.
2.දෙඅත් සිරුර දෙපසින් තබා ගැනීම.
3.ශරීර බර පාද දෙකටම ක්‍රියා කරන සේ උරහිස් මට්ටමින් පාද තබා ගැනීම.
➡️සිටගෙන සිට යම් කාර්යයක නිරත වෙන විට
1.ඍජු කාය විලාසයක් පවත්වා ගැනීම.
2.පාද උරහිස් මට්ටමින් තබා ගැනීම.
3.වැඩ කරන තලය වැලමිට මට්ටමින් තබා ගැනීම
➡️වාඩි වීමකදී
1.කොන්ද ඍජුව තබා ගැනීම.
2.උකුල ,දණහිස්,වලලුකර 90° නවා තබා ගැනීම.
3.පාද පතුල් සම්පූර්ණයෙන්ම පොලොවේ ස්පර්ශ විය යුතුය.
4.නිවැරැදි ලෙස සැකසූ පුටුවක් බාවිත කිරීම.
නිවැරැදි පුටුවක ලක්ෂණ
1.කොන්ද හේත්තු කර ගැනීමට පුටු ඇන්දක් තිබිය යුතුය.
2.පුටුව දණහිස් මට්ටමට උස විය යුතුය.
3.අත් තබා ගැනීමට බාපත් තිබිය යුතුය.
4.වාඩි වන කොටස වඩා මෘදු හෝ ඝනකම නොවිය යුතුය.
➡️ඉදගෙන යම් කාර්යයක නිරත වන විට
1.මේසයට ආසන්නව ඉද ගත යුතුය.
2.කොන්ද ඍජුව තබා ගැනීම.
3.පාද පතුල් පොළොවේ ස්පර්ශ විය යුතුය.
4.දිගු වේලාවක් ඉදගෙන සිටින්නේ නම් වරින් වර නැගිට ඇවිදිය යුතුය.
5.උකුල, දණහිස්, වලලුකර 90° නවා තබා ගැනීම.
➡️රථයක් පදවාගෙන යන විට
1.රියැදුරු අසුන මත ලිහිල්ව ඉද ගත යුතුය.
2.කොන්ද ඍජුව සම්පූර්ණයෙන්ම අසුනේ පිටුපස ස්පර්ශ විය යුතුය.
3.අත් වැලමිටෙන් මදක් නැවී තිබිය යුතුය.
4.තිරිංග පාගන විට පහසුවෙන් කකුල දිග හැරීමට හැකි විය යුතුය.
➡️පරිගණකය භාවිතා කරන විට
1.සාමන්‍ය උසට වඩා අගලක් පමන උස් අසුන්ක් බාවිත කල යුතුයි
2.කොන්ද ඍජුව තබා ගැනීම.
4.පාද පතුල් පොළොවේ ස්පර්ශ විය යුතුය.
5.හිස වැඩිපුර ඉදිරියට හෝ පිටුපසට නැඹුරු නොකල යුතුයි.
6.උරහිස් උකුල් ඇටයට සමාන්තරව පිහිටිය යුතුයි.
7.සෑම පැය බාගයකට වරක්ම ඉරියව් වෙනස් කිරීම.
➡️නිදාගැනීමේදී
1.ශ්වශන මාර්ගයට හානි නොවන ලෙස වැතිරිය යුතුයි.
2.සංසරණ ක්‍රියාවලියට හානි නොවන ලෙස වැතිරිය යුතුයි.
3.කොදු ඇට පෙලට හානි නොවන ලෙස වැතිරිය යුතුයි.
4.වැතිරෙන පෘෂ්ඨය වඩා මෘදු හෝ ගනකම නොවිය යුතුය.
5.කායික කොටස් වලට වේදනා නොවන ලෙස වැතිරිය යුතුයි.
පහත දැක්වෙන්නේ ඔබගේ ඉහල කොන්දේ පිටුපස වේදනාව සහ හුස්ම හිරවීම යන දෙකම අත්විඳිය හැකි හේතු හයකි.

✅ මෙම තත්වය භෞත චිකිත්සාව මගින් පාලනය කර හැකිද?
භෞත චිකිත්සාවෙන් මෙය ඉතා සාර්ථකව පාලනය කල හැකිය. විශේෂයෙන් Dry needling/ බටහිර කටු චිකිත්සාව දී ඉහල කොන්දේ මාංශ පේශි ස්ථර වල ඇති ප්‍රේරක ලක්ෂ වලට ඍජුවම ලගාවිය හැකිය. එමනිසා Dry needling ප්‍රතිකාරය මෙය සුවකිරීමේදී ප්‍රමුඛත්වය ගනියි. මාංශ පේශි පද්ධතිය පිලිබඳ මනා දැනුමෙන් හා dry needling ප්‍රතිකාරය සම්බන්ධව මනා පුහුණුවීමත් සමග භෞත චිකිත්සකයින් මෙම ප්‍රතිකාරය කිරීමට සුදුසුම වෘත්තිකයින් වේ.
Dry needling ප්‍රතිකාරයට අමතරව භෞත චිකිත්සාවෙන් මෙම තත්වය නැවත පැමිණීම වැලැක්වීමට ඔබගේ ඉරියව් නිවැරැදි කිරීම, වේදනාව අවම කිරීම වැනි දේවල් සිදුකරනු ඇත.
ඇත්ත වශයෙන් මෙම තත්වය නිවැරැදිව හදුනාගත නොහැකිව ඔබ විසින් කරනා පරීක්ෂණ වලට වියදම් වන මුදල්ද කාලයක් තිස්සේ හේතුව නොදැන ඔබට විදීමට සිදුවූ වේදනාව මෙයින් අවම කරගත හැකිය.
Kasun Basnayake
MSc. Physiotherapy
BSc.Physiotherapy (Hons)
Dip.Exercise and Sports Sciences
Physiotherapist (Sri Lankan Medical Council Registered)
University Hospital KDU
SLMC Reg No : 1066
Physiotherapy Treatments Sri Lanka
Post a Comment