හානිපූර්ණ කාර්යාලයේ හිටපු වැඩබලන අධ්යක්ෂ ජනරාල්වරිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මහවැලි අධිකාරිය සතු දේපළක් වෙනුවෙන් වන්දි ලබා ගැනීමේදී සිදු වූ වංචාවක් සම්බන්ධයෙනි ඇයට චෝදනා එල්ල වී ඇත්තේය.
මෙම සිදුවීමට පාදක වී ඇත්තේ 2022 වසරේදී අරගලකරුවන් විසින් ගිනි තබා විනාශ කරන ලද කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි මහවැලි අධිකාරියට අයත් දේපළකි. එම දේපළ සඳහා වන්දි තක්සේරු කිරීමේදී හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සමග මෙම සැකකාරිය කුමන්ත්‍රණය කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් පවත්වාගෙන යනු ලබන විමර්ශනයට අනුව, මෙම අතිරේක ලේකම්වරිය එහි දෙවන සැකකාරිය ලෙස නම් කර තිබිණි. රජයේ නිලධාරීන්ට බලපෑම් සිදු කරමින් රුපියල් 885,000ක වන්දියක් ලබා ගනිමින් රාජ්‍ය දේපළ සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට ආධාර සහ අනුබල දීම මත ඇයව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Post a Comment