ඒ අනුව කොළඹ ජාතික රෝහලේ රුධිර වාහිනි පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහාචාර්ය රෙස්නි කසීම් මහතා ඊයේ දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, දියවැඩියා රෝගීන්ගේ තුවාල පිළිකාවකට වඩා දරුණු වන බවයි.
එසේම ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් දියවැඩියා රෝගීන්ගේ පාදයේ ඇති වෙන සුළු තුවාලයකින් පවා පාදය කපා අයින් කිරීමට සිදුවන අවස්ථා විරල වන බව ප්‍රකාශ කළා.
තවද දියවැඩියා රෝගය හේතුවෙන් මෙසේ පාදයක් අහිමි වුවහොත් ඉන් 30%ක ප්‍රමාණයකට අවුරුදු තුනක් ඇතුළත ඉතිරි පාදය ද අහිමි වී යාමේ සම්භාවිතාව වැඩි බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව රෙස්නි කසීම් මහනා වැඩිදුරටත් කියා සිටියේ.
"දියවැඩියා තුවාල හැදෙන එක සියයට විස්සක් විතර වෙනවා. ඒ කියන්නේ සිය දෙනෙක්ටත් තිබ්බා නම් විස්සකට මේ ලෙඩේ හැදෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් ආවොත් පහළොස් ගුණයක්, නිස් ගුණයක් විතර වැඩියි තමාගේ කකුල අයින් වෙන්න. හැබැයි මේ හැම අයින් වෙන කකුලක්ම සීයට අසූ පහක් අනූවක්ම පටන් ගන්නේ පොඩි පාදයේ තුවාලයකින්. ඒකට හේතු ගොඩාක් නියෙනවා. රුධිරය හරියට යන්නේ නැහැ. ස්නායු හරියට වැඩ කරන්නේ නැහැ සුගර් හින්දා. ඒ විතරක් නෙවෙයි කැල්සියම් හැදෙනවා. ලංකාවේ අඩුම ගානේ මිලියන දෙකක් ඉන්නවා දියවැඩියා ලෙඩු. ඒක අවුරුද්දකට හතළිස් දාහක් අලුත්තුවාල හැදෙනවා. දැන් මේ මොහොතේ පවා ලක්ෂයක් විතර ඉන්නවා දියවැඩියා තුවාල නියෙන අය ලංකාවේ. මේ හැම තුවාලයක්ම කකුල නැති වෙලා යන තත්ත්වයකට යන්න පුළුවන්. එනකොට ඇයි අපි හිතන්නේ මේ දියවැඩියා තුවාල නියෙන එක පිළිකාවක් වගේද? දෙකේම පොඩි සමානකර්ම නියෙනවා.
දෙකම දිගුකාලීනව නමයි ඕක වෙන්නේ. එන්න එන්නම වැඩි වෙනවා. ජීවිතෙන් නැතිවෙන්න පුළුවන්. දැන් ඔක්කෝම කැන්සර්ස් එකතු කළත් 30%ය් අවුරුද්දක් ඇතුළතමිය යන්නේ. දැන් අපේ හොස් පිටල් එකේ සියයට තිස් පහයි අවුරුදු හතරකදී ජීවතුන් අතර හිටියා. අපේ වාට්ටුවේ අයින් කරපු කකුල් වලින්. ඒ කියන්නේ තුනෙන් දෙකක්ම ජීවිත නැති වෙනවා කකුල් අයින් වුණාට පස්සේ දිය වැඩිය තුවාලයක් හින්දා කකුලක් නැති වුනොත් සීයට තිහක් අවුරුදු තුනක් ඇතුළත අනිත් කකුලත් නැති වෙනවා. සීයට හැටහයක් අවුරුදු පහක් ඇතුළත නැති වෙනවා. ඒ කියන්නේ මේක කැනසර් එකකට සමාන කළොත් අග්න්‍යාසයේ පිළිකා සහ පෙනහළු පිළිකා විතරයි මීට වඩා දරුණු ලෙස නියෙන්නේ. අනිත් ඔක්කොම පිළිකා මේකට වඩා හොඳයි. " යනුවෙන්.
.jpeg)
Post a Comment