රියදුරු බලපත්‍ර ගාස්තු සංශෝධනයක් පිළිබඳව මෙතෙක් කිසිදු අවසන් තීරණයක් ගෙන නොමැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් කමල් අමරසිංහ මහතා පවසනවා.
ගාස්තු වැඩි කිරීම සඳහා වන උපරිම සීමාව මෙම වසරේදී 15%ක් වන නමුත්, එය තීන්දු කළ අගයක් නොවන බවත්, සංශෝධනය සඳහා වන උපරිම සීමාව පමණක් බවත් කොමසාරිස්වරයා සඳහන් කළා.
සෑම අවුරුදු තුනකට වරක්ම ගාස්තු සංශෝධනයක් සිදුවන බැවින්, මෙම සංශෝධනය කෙරෙහි අවධානය යොමු වී ඇති බව කොමසාරිස් ජෙනරාල්වරයා පවසනවා.
ඒ අනුව, වසර තුනෙන් තුනට 15%ක ගාස්තු සංශෝධනයක් සාමාන්‍යයෙන් සිදු විය යුතු වුවද, මේ වසරේ ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් තාමත් අවසන් තීරණයකට එළඹ නැති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

Post a Comment