සමනල රක්ෂිතය කියන්නේ හරිම නිස්කලංක තැනක් වුණාට, මස්කෙළිය පොලිස් වසමට අයත් ස්ටැස්පි වතුයායට ඉහළින් රක්ෂිතය ඇතුළේ හරි අපූරු "නිෂ්පාදනාගාරයක්" රහසිගතව පවත්වාගෙන ගිහින් තියෙනවා.
හැබැයි මස්කෙළිය පොලිසියේ බුද්ධි අංශය මේකට වැඩේ දෙන්න ලෑස්ති වුණේ හරිම සැලසුම් සහගතවයි.
පොලිස් බුද්ධි අංශයට ලැබුණු ඔත්තුවකට අනුව ක්‍රියාත්මක වුණු නිලධාරීන් කණ්ඩායමක්, මේ රක්ෂිතය ඇතුළට ගිහින් එක දිගට දින එකහමාරක්ම හැංගිලා බලන් ඉඳලා තියෙනවා. අන්තිමේදී ඊයේ (21) රාත්‍රියේ ඔවුන් සාර්ථකව මේ නීති විරෝධී මත්පැන් පෙරීමේ මධ්‍යස්ථානය වැටලීමට සමත් වුණා.

ගෝඩා ලීටර් 210 ක් ,පෙරා තිබූ ස්ප්‍රීතු මිලි ලීටර් 1500 ක්, මත්පැන් පෙරීමට යොදාගත් තඹ දඟර ඇතුළු උපකරණ රැසක් පොලිසිය එතැනින් සොයා ගෙන තියෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ ඒ වතුයායේම පදිංචි 69 හැවිරිදි පුද්ගලයෙක්. වයසින් වැඩි වුණත් මේ ව්‍යාපාරය නම් සෑහෙන්න රහසිගතව කරගෙන ගිහින් තියෙන බවක් තමයි පේන්නේ. කොහොම වුණත් සැකකරුව පොලිස් ඇප මත මුදාහැර තිබුණත්, ඔහුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතයි.

Post a Comment