ඔහු ලියූ පොතේ නම වගේම, ඔහු අපට ඉතිරි කර ගියේ කිසිදා 'නොසිඳෙන මතක' සමුදායකි.
දස හැවිරිදි වියේ සිට මියයන තුරුම පෑන අත්නොහළ, බෝම්බ ප්‍රහාර හමුවේ පවා නොසැලුණු ඒ අභීත හදවත අද සදහටම නිහඬ විය.
දයා සෝමසිරි නම් ඒ යුග පුරුෂයාගේ නික්ම යාම පුවත්පත් කලාවට මෙන්ම මේ පොළොවට ද පිරවිය නොහැකි පාඩුවකි.
ප්‍රවීණ මාධ්‍යවේදියකු මෙන්ම ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමයේ සභාපතිවරයකු, සමස්ත ලංකා කවි සම්මේලනයේ සභාපතිවරයකු හා දිනමිණ පුවත්පතේ හිටපු සම කර්තෘ සහ ප්රවෘත්ති කර්තෘ ලෙස කටයුතු කළ දයා සෝමසිරි අද අභාවප්‍රාප්ත වුණා.
මිය යන විට 78 වන වියේ පසුවූ ඔහු, දියණියන් සිව්දෙනකුගේ සහ පුත්‍රයකුගේ පියෙක්.

අංක 69/14/A, ලේක් සයිඩ්වත්ත, බටුවත්ත නිවසේ තැන්පත් කර ඇති ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (28) බදාදා සවස 5.00ට බටුවත්ත පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් සඳහන් කළා.
රාගම වල්පොල උපත ලැබූ ඔහු රාගම වල්පොල රජයේ විද්‍යාලය ඇතුළු විදුහල් කිහිපයකින් අධ්‍යාපනය ලබා ඇති අතර, දස හැවිරිදි පාසල් ශිෂ්‍යයකුව සිටියදී ‘හෙළබිම’ පත්‍රයෙන් සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කර තිබුණා.
හෙළ ජීවය, මිහිර සහ ටිකිරි යන ළමා පුවත්පත්වලට දායකත්වය ලබා දුන් ඔහු, ලංකාවේ ප්‍රථම ක්‍රීඩා පුවත්පත ලෙස සැලකෙන ‘ක්‍රීඩා ලෝකය’ පුවත්පතේ නිර්මාතෘවරයා සහ සංස්කාරකවරයා ද වනවා.
වෘත්තීය ජීවිතය තුළ පෑගෙන ජනතාවගේ, ගොවීන්ගේ සහ කම්කරුවන්ගේ ගැටලු වෙනුවෙන් හඬ නැඟූ ඔහු, පාර්ලිමේන්තු විවාද සහ රාජ්‍ය තාන්ත්‍රික රැස්වීම් වාර්තා කිරීමේ සූරයකු ලෙස ද ප්රකටයි.
මාධ්‍යවේදියකුට අමතරව දක්ෂ තරග විස්තර ප්‍රකාශකයකු වූ ඔහු, ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනයේ ලේකම්වරයා ලෙස ද සේවය කළා.
දේශපාලනික වශයෙන් ද ක්‍රියාකාරී වූ ඔහු 1997 වසරේදී ජාඇල ප්‍රාදේශීය සභාවට තේරී පත් වූ අතර 'වමේ නායකයන්ගේ දේශපාලන වේදිකාවක වාර්තාකරණයේ යෙදී සිටියදී එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් සිය එක් ඇසක පෙනීම අහිමි වුවද, ඔහු දිගටම සිය මාධ්‍ය මෙහෙවරේ නිරත වුණා.
දයා සෝමසිරි, ‘අන්න අන්න හඳහාමි’, ‘රිදී සීනුව’ සහ ‘නොසිඳෙන මතක’ ඇතුළු කෘති කිහිපයක කතෘවරයා ද වනවා.

Post a Comment