සමහරවිට මේ කියන්න යන විශේෂ කාරණය ඔබට වැදගත් වෙනවා ඇති. ඉතින් ඔබත් ඒ ගැන දැනුවත් වෙන්න.
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ සුසාන භූමිවල ආදාහන සහ භූමදාන කටයුතු සදහා මින් ඉදිරියට මුදල් අය නොකිරීමට තීරණය කර තිබෙනවා.
මින් පෙර මෘතදේහයක් ආදාහනය සදහා රුපියල් දස දහසක මුදලක්ද, භූමදානයේදී රුපියල් 300 කද මිලක් අයකළ අතර, ඉදිරියේදී එම මුදල් අයනොකිරීමට පියවර ගෙන ඇති බවයි කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන සෝහාරා බුහාරිට එරෙහිව එම පක්ෂය ගත් විනය ක්‍රියා මාර්ගය නිසා කොළඹ මහ නගර සභාවේ ඇයට හිමි මන්ත්‍රී ධුරය අහිමි වී ඇති බවට ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර, මහව විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ චානක උදයකුමාර නැමැත්තාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
ජාතික ජන බලවේගයට බලය හිමි මහව විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය පසුගිය ජනවාරි 31 වැනිදා පැවැත්වුණු අතර චානක උදයකුමාර එම නිලවරණයට පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තරඟ වැදුණා.
එම නිලවරණය අතරතුර නාගොල්ලාගම ඡන්ද මධ්‍යස්ථානයකදී මහව ප්‍රාදේශීය සභාවේ සභාපති සුමේධ හේරත් සහ ඔහු අතර බහින්බස් වීමක් දුරදිග ගොස් පහරදීමක්ද මීට පෙර සිදුව තිබෙනවා.
එම අවස්ථාවේදී විපක්ෂයේ පොදු අපේක්ෂක චානක උදයකුමාර අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.
කෙසේ වෙතත්, අද උදෑසන ඔහුට කිසියම් පාර්ශවයක් විසින් පහරදී ඇති අතර, මේ වන විට මහව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්රවෘත්ති මහව පොලිසියෙන් විමසීමක් සිදුකළ අතර එහිදී උසස් නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධියට අදාළව විමර්ශනයක් සිදු කෙරෙමින් පවතින බවයි.

Post a Comment