කොලෙස්ටරෝල් කියන්නේ අපේ ශරීරයට අවශ්‍යම දෙයක්. නමුත් එහි හොඳ සහ නරක දෙපැත්තක් තියෙනවා. කොලෙස්ටරෝල් නිපදවීම ශරීරය තුලින්ම සිදුවෙනවා. කොලෙස්ටරෝල් මිලි ග්‍රෑම් 1000ක් දිනකට අක්මාව මගින් නිපදවන බව සඳහන් වෙනවා. කොලෙස්ටරෝල් ශරීරයට හිතකර සහ අහිතකර වශයෙන් කොටස් දෙකකින් යුක්ත වෙනවා.
ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වර්ගය ලෙස වැඩි ඝනත්වයෙන් යුත් ලයිපොප්‍රෝටීන් හෙවත් HDL හැඳින්විය හැකි අතර ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ලෙස අඩු ඝනත්වයෙන් යුත් ලයිපොප්‍රෝටීන් හෙවත් LDL හැඳින්විය හැක. ශරීරයේ විවිධ කාර්යයන් සඳහා කොලෙස්ටරෝල් අවශ්‍යයයි. ස්නායු ක්‍රියාකාරිත්වයට, මොලයේ ක්‍රියාකාරිත්වයට කොලේසටරෝල් අවශ්‍ය වෙනවා. නමුත් රුධිරයේ LDL කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීම නිසා විවිධ රෝගාබාධ හටගන්නවා. මේ නිසා ශරීරයේ LDL ප්‍රමාණය අඩු කර ගැනීම අත්‍යවශ්‍යයි.
මෙම අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩිවීම නිසා ඒවා රුධිරය සමග ගමන් කිරීමේදී රුධිර නාලිකා වල තැන්පත් වෙනවා. එවිට ශරීරයේ රුධිර සංසරණය වීමට බාධා සිදුවෙනවා. වැඩි වශයෙන් හෘදයාබාධ නිසා මරණයට පත් වන්නේ මේ නිසයි. හෘදයට රුධිරය සපයන නාල වල තෙල් තැන්පත් වීම නිසා ඒවා අවහිර වී රුධිර සැපයීම අඩාල වෙනවා. මේ නිසා හෘදයාබාධ පමණක් නොව අංශභාගය, පාද වල ආබාධ වැනි රෝගාබාධ වලටත් හේතු වෙනවා.

රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වීමට ජානමය හේතු සහ ආහාර බලපානවා. ජානමය හේතු නිසා පවුලේ තවත් අයටත් මෙය පැවතිය හැකියි. ආහාර නිසා ඇතිවන කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉතාම වැඩියි. නිතරම ක්ෂණික ආහාර භාවිතයත් මීට බලපානවා.
රුධිරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමට ව්‍යායාම වල යෙදීම ඉතා වැදගත්. ඒ තුළින් අනවශ්‍ය කොලෙස්ටරෝල් දහනය කළ හැකියි. ඒ වගේම තෙල් සහිත ආහාර වලින් වැළකීමත් ඉතා වැදගත්. ආහාර ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. වැඩි වශයෙන් සත්ත්ව ආහාර වල තෙල් ප්‍රමාණය ඉහළයි. කුකුල් මස් නම් හම ඉවත් කර ගැනීම වැදගත්. ඒ වගේම ඌරු මස් හා හරක් මස් වල තෙල් ප්‍රමාණය ඉහළ නිසා ඉන් වැළකීම වඩා හොඳයි. ඒ වගේම මාළු වල ඔමේගා 3 අඩංගු නිසා ගුණදායක වුනත් ඉස්සන්, කකුළුවන් එතරම් හොඳ නැහැ. බටර්, චීස් වැනි ආහාරත් කිරි, මී කිරි, යෝගට් වනි දේවල්ද මේදයෙන් බහුල නිසා අවම කළ යුතුයි. පොල් තෙල්, ෆාම් තෙල් වැනි දේවල් අවම කළ යුතු අතර ඔලිව් තෙල් ශරීරයට හොඳ පෝෂණයක් ලබා දෙනවා. ඒ වගේම ක්ෂණික ආහාර, රෝල්ස්, පැටිස්, කට්ලට් වැනි ආහාර වල තෙල් වැඩි වශයෙන් අඩංගු වෙන නිසා මේවා නැවැත්විය යුතුයි. ඒ වගේම වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ගැනීම කළ යුතු අතර ස්වභාවික එළවලු පලතුරු වැඩි වශයෙන් භාවිතා කිරීමට පුරුදු වන්න.
කොලෙස්ටරෝල් මට්ටම වැඩිනම් ගෙදරදීම කළ හැකි අත් බෙහෙත් කිහිපයක් ඔබට කියන්නම්.
කරපිංචා
කරපිංචා ආහාර රසවත් කිරීමට හා ආහාර වල විෂබීජ නසන්න යොදනවා. නමුත් කරපිංචා වල ඇති ගුණ නිසා එය ඖෂධයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. සර්ප දෂ්ඨ කිරීමකදී වුනත් කරපිංචා කැඳ ලෙස ලබා දීමෙන් විෂ නැසීමේ හැකියාවක් පවතිනවා. ඒ වගේම කොලෙස්ටරෝල් නැති කිරීමේ හැකියාවත් කරපිංචා වල තියෙනවා. කරපිංචා කිනිති කිහිපයක් ගෙන එය මද රස්නේ වතුර එකකට දමා ඊට සුදු ලූණු බික් දෙකක් දමා වසා තබා උදෑසන පානය කරන්න. එය කොලේසටරෝල් නැසීමට උදව් වෙනවා. එසේම කරපිංචා දළු සම්බෝලයක් ලෙසත්, කරපිංචා ලුණු මිරිසක් ලෙසත් හදාගන්න පුළුවන්. ඒ වගේම කරපිංචා කැඳ ගුණදායක වගේම රසවත් පානයක්. මේ ආහාරයට විවිධ ක්‍රම වලට කරපිංචා ඔබේ ආහාරයට එක් කර ගැනීම මගින් ඔබට කොලේසටරෝල් වලින් මිදිය හැකියි.
සුදු ලූණු
සුදු ලූණුත් ආහාර රස ගැන්වීමට යොදන දෙයක් වුනත් එහි ඇති ගුණයත් ඉතා විශාලයි. සුදු ලූණු වලත් විවිධ රෝගයන් නැසීමේ ගුණ තියෙනවා. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර අධි රුධිර පීඩනය පාලනය කරනවා. හෘදයාබාධ, දියවැඩියාව වැනි රෝග රැසකට සුදු ලූණු ගුණදායකයි. ඒ වගේම කොලෙස්ටරෝල් නැසීමේ ගුණයත් සුදු ලූණු වල තියෙනවා. සුදු ලූණු තම්බා හෝ පුච්චා ආහාරයට ගත හැකියි. ඒ වගේම සුදු ලූණු රසවත් ව්‍යංජනයක් ලෙසත් සකසා ආහාරයට ගත හැකියි. සුදු ලූණු නිතර ඔබේ ආහාරයට එක්කර ගැනීම රෝග රැසකින්ම ඔබට මිදීමට හැකිවෙනවා.
ගොරකා
ගොරකා ආහාරයකට අවශ්යා ඇඹුල් රස ලබා ගැනීම සඳහා යොදා ගන්නවා. ඒ වගේම එය ආහාරයට නොගෙන ඉවත දැමීමටත් අප පුරුදුව සිටිනවා. නමුත් ඇඹුල් රසය ගැනීමට වඩා ගුණ රැසක් ගොරකා වල ඇති බව ඔබ දන්නවද? ගොරකා ආහාරයට ගැනීමෙන් අධික තරබාරුව පාලනය කරන අතර දියවැඩියාව පාලනයටත් උදව් වෙනවා. පිළිකා සෛල වර්ධනය වීම වැළක්වීමත් සිදු වෙනවා. ඒ වගේම රුධිර පීඩනය පාලනය කර ගැනීමටත්, කොලෙස්ටරෝල් පාලනයටත් ගොරකා හොඳ ඖෂධයක්. කොලෙස්ටරෝල් පාලනය සඳහා ගොරකා චූර්ණයක් වශයෙනුත් දැන් වෙළඳපළේ ඔබට මිලදී ගන්න පුළුවන්. කෑම වලට යොදන ගොරකා කැබැල්ල අද සිට විසි නොකර ආහාරයට ගැනීමට පුරුදු වන්න.
උළුහාල්
උළුහාල් මගිනුත් ආහාර සුවඳවත් කරන අතර ඒ මගින් ශරීරයේ විවිධ රෝග වලටත් සුවදායක වෙනවා. උළුහාල් වලින් ශරීරය සිසිල් කරනවා. හිසෙහි ඉස්සොරි සඳහා ප්‍රතිකාරයක් ලෙසත් උළුහාල් යොදාගන්නා අතර කිරි දෙන මව්වරුන්ගේ කිරි එරීම වැඩි කිරීමටත් උළුහාල් උපකාර වෙනවා. ඒ වගේම උළුහාල් වලට කොලෙස්ටරෝල් නැති කිරීමේ හැකියාවත් පවතිනවා. උළුහාල් ආහාර වලට එකතු කර ගැනීමට අමතරව පානයක් ලෙසත් ලබා ගැනීමෙන් අධිකව පවතින කොලෙස්ටරෝල් ප්‍රමාණය දහනය කර ගත හැකියි. උළුහාල් ඇට කිහිපයක් පෑන් එකක දමා රත් වන විට එයට වතුර කෝප්පයක් එකතු කරගන්න. මද වේලාවක් එය තැම්බෙන්නට තබා වතුර පෙරා ගන්න. එයට මී පැණි බින්දු කිහිපයක් එක්කර මද රස්නෙන් පානය කරන්න. මෙය කොලෙස්ටරෝල් නැති කර ගැනීමට හොඳ ඖෂධයකි.
වට්ටක්කා
වට්ටක්කා අපි නිතර ආහාරයට ගන්නා රසවත් හා ගුණවත් එළවළුවක්. වට්ටක්කා වලින් ලැබෙන ගුණයන් රැසකි. විටමින් A, B, ෆයිබර්, පොටෑසියම්, සින්ක් ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් ඇතුළත් වෙනවා. හෘදයේ ක්‍රියාකාරිත්වය යහපත් කර ගැනීමට හැකි වන අතර සම පැහැපත් කර ගැනීමටත්, සුව නින්දක් ලබා ගැනීමටත් වට්ටක්කා ආහාරයට ගැනීමෙන් හැකියාව ලැබෙනවා. ඒ වගේම කොලෙස්ටරෝල් වලටත් වට්ටක්කා ඉතා ගුණ දායකයි. වට්ටක්කා වගේම වට්ටක්කා ඇට වලත් කොලෙස්ටරෝල් නැසීමේ ගුණය හා වෙනත් ගුණයන් රැසක් පවතිනවා. නිතර වට්ටක්කා ආහාරයට ගැනීමෙන් ඔබට රෝග රැසකින් ආරක්ෂා වීමේ හැකියාව ලැබෙනවා.
උපුටා ගත්තකි

Post a Comment