වයස අවුරුදු 3ත් 5ත් අතර පසුවන කුඩා දරුවන් සඳහා මාර්ගගත ක්‍රමයට (Online) අධ්‍යාපන පන්ති පැවැත්වීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් සහ අදාළ අධ්‍යාපනික පාර්ශ්වයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
සෞඛ්‍ය හා ළමා සංවර්ධන විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වයස් කාණ්ඩයේ පසුවන දරුවන් අධික ලෙස ඉලෙක්ට්‍රොනික තිර (Screen time) ඉදිරියේ කාලය ගත කිරීම ඔවුන්ගේ මනෝ සමාජීය වර්ධනයට (Psychosocial development) දැඩි ලෙස බාධාවක් වන බවයි. මෙමගින් දරුවන්ගේ සාමාන්‍ය වර්ධන ක්‍රියාවලිය මෙන්ම සමාජයීය කුසලතා වර්ධනය වීම ද අඩාල විය හැකි බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
දරුවන්ගේ අනාගතය සහ ඔවුන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳව සලකා බලා මෙවැනි මාර්ගගත පන්ති සඳහා දරුවන් යොමු කිරීමෙන් වළකින ලෙස අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම වයසේදී දරුවන් ක්‍රියාකාරකම් පාදක කරගත් අධ්‍යාපනයකට යොමු කිරීමේ වැදගත්කම ද මෙහිදී පෙන්වා දී ඇත.

Post a Comment