ලංකාවේ පාසල් පද්ධතිය තුළ ඉගෙනුම ලබන අපේ දූ දරුවන්ගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ගැන රජයේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා.
ගොඩක් වෙලාවට ආර්ථික අපහසුතා නිසා සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට නොහැකිව පාසල් ගමන මඟහරවා ගන්නා සිසුවියන් ගැන පසුගිය කාලේ සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වුණා. අන්න ඒ ගැටලුවට විසඳුමක් විදිහට තමයි මේ වටිනා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ.
රජයේ සියලුම පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ ඉගෙනුම ලබන වැඩිවියට පත් සිසුවියන් සහ රජයේ උපකෘත විශේෂ පාසල්වල සිසුවියන් ඇතුළුව මිලියන 1.05කට අධික (දස ලක්ෂ පහක්) සිසුවියන් සංඛ්‍යාවක් මෙවර මේ වැඩසටහනින් ආවරණය වෙනවා.

ඒ අනුව, එක් සිසුවියකට රුපියල් 1,440ක් වටිනා තිළිණ පත් ලබා දීමට නියමිතයි. මෙය රුපියල් 720ක වටිනාකමින් යුත් තිළිණ පත් දෙකක් විදිහටයි ලැබෙන්නේ.
මෙහි තවත් විශේෂත්වයක් තමයි සිසුවියන්ට තමන්ගේ කැමැත්ත පරිදි වර්ග දෙකකින් මේවා මිලදී ගන්න අවස්ථාව ලැබීම. රුපියල් 120 බැගින් වූ තුවා 08ක් සහිත පැකට් 12ක්. නැතහොත්, රුපියල් 180 බැගින් වූ තුවා 10ක් සහිත පැකට් 08ක්.
2026 වසර සඳහාත් මෙම වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැන් හිමිවෙලා තිබෙනවා.

Post a Comment