ලංකාවේ සුන්දරම විශ්වවිද්‍යාලය විදිහට සැලකෙන පේරාදෙණිය සරසවිය ඇතුළෙන් අද අහන්න ලැබෙන්නේ නම් එතරම් සුන්දර පුවතක් නෙවෙයි.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයක් ඇතුළේ ඉතා සූක්ෂ්ම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරමක නිරත වූ බව කියන කලා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විශ්වවිද්‍යාල විනයාරක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශ්වවිද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංස් (Sir Ivor Jennings) නේවාසිකාගාරයේ රැඳී සිටිමින් මෙම සිසුවා මත්ද්‍රව්‍ය පානය කරනවා පමණක් නොව, සෙසු සිසුන්ට ද මේවා අලෙවි කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. කලක පටන් රහසිගතව කරගෙන ගිය මෙම "බිස්නස් එක" විශ්වවිද්‍යාල බලධාරීන්ට ලැබුණු තොරතුරක් මත වැටලීමත් සමඟ හෙළි වී තිබෙනවා.

සැකකාර සිසුවා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හමුවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සුළුපටු නැහැ. අත්අඩංගුවට පත් සැකකරු හෝකන්දර ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක්. උසස් අධ්‍යාපනය ලබා රටට සේවයක් කළ යුතු වයසක පසුවන මොහු, විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම ගැන බොහෝ දෙනා කණගාටුව පළ කරනවා.
විශ්වවිද්‍යාලය තුළ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ අරමුණින් පේරාදෙණිය පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

Post a Comment