ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් QR කේතය ක්‍රියාත්මක කළ ද රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් මතු වී නැති බව ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ රට තුළ හදිසි තෙල් අවශ්‍යතාවයක් මතු වුවහොත් ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් මේ වන විට ඉන්දියාව, චීනය ඇතුළු රටවල් කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් එය ඉතා සාර්ථක බවත් ය.
අද (15) උදෑසන 6.00 සිට QR කේතයට අනුව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර මුලින්ම අවස්ථාව ලබා දී ඇත්තේ මීට පෙර QR කේතය ලබා ගත් ඊට අදළ වාහනය සහ දුරකථන අංකය තමා ළඟ ඇති පිරිසට වන බවද අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම මෙහිදී ඔහු සඳහන් කර සිටියේ මීට පෙරදී භාවිත කළ QR කේතය ඇත්නම් එය භාවිත කළ හැකි බවය.

මේ අතර QR කේතය නොමැති නම් FUEL PASS.GOV.LK වෙබ් අඩෙවිය හරහා ඔබට හිමි QR කේතය බාගත කර ගත හැකි බව ද ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා දැනුම් දී සිටියේය.
එමෙන්ම තමාගේ වාහනයේ අයිතිය වෙනස් වී ඇත්නම්, දුරකථන අංකය වෙනස් කර ඇත්තම් හෝ මීට පෙර QR කේතය ලබා නොගත් වාහනයක් නම් අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය වෙත පිවිසීම හරහා QR කේතය ලබා ගත හැකි වන බවද ඒ මහතා සඳහන් කර සිටී.
අදාළ වෙබ් අඩවියේ vehicle registration අංශය තව පැයකින් පමණ යාවත්කාලීන වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අධ්යක්ෂවරයා සඳහන් කර සිටියේ ඒ අනුව අද දිනයේ සිට QR කේතය නොමැතිව ඉන්ධන ලබා ගත නොහැකි බවය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඛනිජ තෙල් සංස්ථාවේ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා,
”පහුගිය දවස් තුන හතර ඇතුළත අපි දැක්කා බොහෝ දෙනා ඉන්ධන එකතු කරනවා ඒ වගේම මාධ්‍ය සාකච්ඡා තියලා තෙල් පෝලිම් ඇති කරනවා.. ඒකෙන් භයානක තත්ත්වයක් උද්ගත වෙන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසයි QR කේතය භාවිතයට යොමු වුණේ.. ඒ ඇරෙන්න තෙල්වල ප්‍රශ්නයක් නෑ.. මේකේ බලාපොරොත්තුව කිසිම කෙනෙක්ට තෙල් පෝලිම්වල නොඉද තෙල් ලබා දෙන එක.. ”

Post a Comment