පාසල් දරුවන් පිරිසකට අද උදෑසන මුහුණ දීමට සිදු වූ අවාසනාවන්ත පුවතක් බද්දේගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.
ඒ, බද්දේගම ශාන්ත අන්තෝනි විද්‍යාලයේ සිසුන් පස්දෙනෙකු වතුර ටැංකියක් කඩා වැටීමෙන් බරපතල තුවාල ලැබීමේ පුවතයි.
අද (09) පෙරවරුවේ පාසල් ගොඩනැගිල්ලක් අසල තිබූ වතුර ටැංකියක් කිසිවෙකුත් නොසිතූ මොහොතක හදිසියේම කඩා වැටී තිබෙනවා. ඒ අවස්ථාවේ එම ස්ථානය අසල රැඳී සිටි 6 වසර සහ 7 වසරේ ඉගෙනුම ලබන කුඩා දරුවන් පස්දෙනෙකු මෙම අනතුරට මුහුණ දී ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ සිසුන් පස්දෙනාම වහාම බද්දේගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. එහෙත් ඉන් සිසුන් තිදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල වූ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
අනෙක් සිසුන් දෙදෙනා බද්දේගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලිසිය පවසන්නේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය මේ වන විට වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Post a Comment