ඇයත් මවක්.. දරු සෙනෙහස හිතේ හිරකරගත්..
පසුගියදා මුළු නුවරම කම්පා කරමින් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයේ සිසුන් දෙදෙනෙක්ට ජීවිතය අහිමි වුණා.
ඒ මිතුරුන් දෙදෙනාගෙන් කෙනෙක් තමයි නෙතුල කියන්නේ. නෙතුල ගැන වැඩි කතාබහක් අහන්න ලැබුණේ ඔහු මිය ගිය මොහොතේ ඔහුගේ මව මුහුණුපොතට එක්කළ වීඩියෝව නිසයි. නෙතුල කියන්නේ ඉගෙනීමට වගේම විශය භාහිර ක්‍රියාකාරකම්වලටත් අතිශ්‍යය දක්ෂතා දැක්වූ දරුවෙක්. ඒ වගේමයි පවුලත් එක්කම එකට හිටපු නෙතුලගේ මව විදේශගත වුණත්, ඔහු හැම විටම ඇය සමග හොඳ සබඳතාවක් ගොඩනගාගත් දරුවෙක්. පවුලේ අප්පච්චි, සහෝදරයා වගේම ආච්චි , සීයා එක්ක නෙතුල ජීවත් වුණේ සතුටෙන්. පල්ලෙකැලේ අනතුරින් එදා මියගිය නෙතුල ගැන ඔහුගේ අම්මා සංවේගයෙන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

"මගෙ පුතා ජිම් එකට යන එක ගැන, එයාගේ රූපේ ගැන, කැම බීම වගේ හැමදෙම ගැන හිතන කෙනෙක්. එයා හැමදාම ඇහුවේ "මම ලස්සනයිද, මගෙ ලස්සන මදිද, මම මීට වඩා සුදු වෙන්න ඕනෙද" කියලා.
එයා අන්තිමට තිබුන Sport Meet එකෙත් හවුස් කැප්ටන් වෙලා දිනලා මට කතා කරලා කීවා"
" ඔයාගේ පුතා කොතනද ඉන්නෙ එයා දිනනවා" කියලා.
ඔයා සංතෝ--සෙන් ඉන්න කියලා කීවේ එයා මට හැමවෙලේම. මට එයාට බයිසිකලේ අරන් දෙන්න පුලුවන් උනත් මම ඒක අරන් දුන්නේ නැ. ඒත් මේ 18 වැනි උපන්දිනේටන්ට එයාට මම බයිසිකලයක් අරන් දෙන්න හිටියේ.. ”

Post a Comment