මනුෂ්‍යත්වය පසෙකලා නීතිය තමන්ගේ අතට ගත් පිරිසක් නිසා රාගම ප්‍රදේශයේ වෙළඳසැලක් තුළදී මවකට අත්විඳින්නට වූයේ අදහාගත නොහැකි බියකරු අත්දැකීමකි.
කිසියම් සොරකමක් සම්බන්ධයෙන් චෝදනා කරමින්, එම කාන්තාවට අමානුෂික ලෙස පහර දී ඇගේ හිසකෙස් කපා දමන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමඟ මුළු රටම කම්පාවට පත් විය.
සමාජ මාධ්‍ය ඔස්සේ ලැව්ගින්නක් සේ පැතිර ගිය එම දර්ශන පෙළ දුටු කාගේත් නෙතට කඳුළක් උනන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. එහිදී පිරිසක් එකතු වී අසරණ වූ මවකට වධ හිංසා පමුණුවන ආකාරයත්, ඇගේ හිසකෙස් කපා දමමින් ඇයව දැඩි අපහසුතාවයට පත් කරන ආකාරයත් මනාව සටහන්ව තිබුණි. මෙම වීඩියෝව කෙරෙහි පොලිසියේ විශේෂ අවධානය යොමු වූයේ ඉන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායම් විමර්ශන ආරම්භ කළ අතර, ඒ අනුව ඊයේ (17) දිනයේදී මෙම සිදුවීමට සෘජුවම සම්බන්ධ වූ සැකකාරියන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
මෙහි ප්‍රධාන සැකකාරිය 27 හැවිරිදි තරුණියකි. ඇයට සහය වූ අනෙක් පිරිස 20, 21, 22 සහ 23 යන වයස්වල පසුවන, ජීවිතයේ වගකීම් හඳුනන තරුණියන් වීම විශේෂත්වයකි.
මොවුන් රාගම, රාජාංගනය, කඩවත සහ ත්‍රිකුණාමලය වැනි විවිධ ප්‍රදේශවල සිට පැමිණි අය බවද හඳුනාගෙන තිබේ.
පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ පසුගිය අප්‍රේල් 07 වනදා අදාළ වෙළඳසැල තුළ සිදුවූ සොරකමක් සම්බන්ධ සිදුවීමක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි. කෙසේ වෙතත්, වරදක් සිදුව ඇත්නම් එය නීතියට ඉදිරිපත් කරනවා වෙනුවට, මෙලෙස තරුණියන් පිරිසක් එක්ව මවකට හිරිහැර කිරීම සමාජය හෙළා දකින කරුණක් බවට පත්ව ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරියන් පස්දෙනා අද (18) දින වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. මේ අතර, මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන් මව දැඩි ලෙස රෝගාතුරව සහ මානසිකව ඇද වැටී රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

Post a Comment